Colombo Today Local News

ජෝජ් සොරොස්, ජේම්ස් පැකර්ටත් නොදෙවෙනි සූදු අන්තුවෙක්.. පැටිකිරිය මෙන්න

කොලඹදී පැවති එකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නියක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

ජේම්ස් පැකර් වෙනුවට ජෝජ් සොරොස්

ආණ්ඩුව අඩම්බරයෙන් කියුවා අට වැනිදා පැවැත්වෙන ආර්ථික සමුළුවට කෝටිපති ව්‍යාපාරික ජෝජ සොරොස් ප්‍රධාන දේශනය පවත්වන්න මේන්න ලංකාවට ආවෝ කියලා. කෝටිපතියෙක් බව ඇත්ත. ලෝකයේ ගිය අවුරුද්ද වන විට 30 වෙනි වැඩිම ශුද්ද වත්කම් තියෙන්නේ සොරොස්ට තමයි. ඔහු කොටිපතියෙකු වුනේ ලෝකය පුරා කොටස් වෙළදපොළවල් , විදේශිය විනිමය වෙළදපොළ කඩා වැට්ටිමෙන්. අපිට ඒ කළේ කියුවේ ජේම්ස් පැකර් කියන සුදු අන්තුවා ආයොජකයෙක් විදිහට ගෙනවා කිපු මේ ආණ්ඩුව ඉට වඩා සුදු අන්තුවෙක් තමයි දේශනය කරන්න ගෙන්නේ. ජේම්ස් පැකර් ගෙන් අවදානමට ලක් වන්නේ පෞද්ගලික ධනය ජෝජ සොරොස් ගෙන් කඩා වැටෙන්නේ රටේ ධනය, ආර්ථිකය, විනිමය අනුපාතය, එහෙනම් ජේම්ස් පැකර් නකර නම් ජෝජ සොරොස් ඊට වඩා දහස් ගුණයක් නරකයි.

1982 ඔක්තොම්බර් මාසේ 26 වෙනිදා බිත්‍රාන්‍ය නම් කළේ කළු බදාදා කියලා. එදා සොරොස් විසින් ඩොලර් 10ක් වටින පවුම් එක්දින වෙළදපොළකින් විකිණිමට ඉදිරිපත් කිරීමෙන් එංගලන්තයේ මුල්‍ය වෙළදපොළතුල පවුම එක්දිනකින් 26%කින් පමණ අවප්‍රමාණය වුණා. පවුම් බිලියන 15ක් පමණ පාඩුවක් එංගලන්තයේ බැංකුවට සිදුවුණා. යුරෝපියානු විදේශ විනිමය යාන්ත්‍රනයෙන් බිත්‍රන්‍යයට ඉවත් වෙන්න කියලා බල කරන මට්ටමට මුල්‍ය වෙළදපොළ පත්කරේ සොරොස්. එවගේම ප්‍රංශයට ගිහින් කොටස් වෙළදපොළේ අභ්‍යන්තර තොරතුරු දැනගෙන කොටස් වෙළදාමේ යෙදිම නිසා ප්‍රංශයේ ශේඨාදිකරණයෙන් ඔහු වැරදිකරු කරලා යුරො නව ලක්ෂ හතලිස්දාහක දඩයක් ගැහුවා. මේකට විරුද්ධව යුරෝපා අධිකරනයට අභියාචනයක් කරා අධිකරනය කියුවේ නෑ ඔබ වැරදිකරුම තමයි. තායිලන්තය සහ මැලේසියාවේ 1997 දී ඇතිවු ආර්ථික කඩා වැටිමට විදේශ විනිමය අනුපාතය කඩා වැටිම තමයි මුල් ආරම්භය. කොටස් වෙළදපොළ කඩා වැටුණා සමස්ත ආර්ථිකයමත් ඉට පසු කඩා වැටුණා. පිටිපස්සේ සිටියේ සොරොස්. ඔහු විසින් කෙටි කලයක් තුල ඔහුගේ ආයෝජන ඇද ගැනීම නිසා තමයි මෙය සිදුවුණේ. ඔහු මුල්‍ය යුධ අපරාධකරුවෙක් කියලා තමයි ආචාර්ය මහතිර් මොහොමඩි කියුවේ. තායිලන්තය සහ මැලේසියාවේ නිවාඩුවක් ගත කරන්නවත් යන්න බැරි සොරොස්ව අපේ රටේ ආරාධනා කරලා ගෙන්න ගන්නවා. මොහුගේ භයාණකම කම තමයි දේශපාලකයෙක් සමග තරහා වුවහොත් කොටි ගණන් ධනය වියදම් කරලා ආණ්ඩුව පෙරලනවා. 2004 දී ජෝජ්බුෂ් සමග තරහිවී රාජ්‍ය නොවන සංවිධාන 527කට ඩොලර් මිලියන 58ක් දුන්නා ඔහුට විරුද්ධව මැතිවරණ මඩ ව්‍යාපාර සිදු කරන්න. එතුමන්ගේ කියමනක් තියෙනවා මොසස් හා ජිසස් මෙන් දෙවියන් වහන්සේ එවු පණිවිඩකරුවෙකු බව මටත් හැගෙනවා කියලා. මෙවැනි මානසික රෝගින්ව ප්‍රධාන දේශන ගෙන්වන අයගේ මොළය පරික්ෂාකිරිම නව වසර සුබ කර ගැනීමය හැකිවේවි යැයි මගේ අදහස. මෙවැනි මානසික රෝගින් තක්කඩියන් ඉදිරියෙන් තියාගෙන මේ වසර අරභනවා නම් 2015 මෙන් 2016 වසරත් අඳුරුතම අවුරුද්දක් වේවි කියලා තමයි මගේ විශ්වාසය.

හණුමා යළිත් ලංකාවට ගිණිතියයි ද?

හණුමා පාළම ගැන මම කතා කරාම මහාමාර්ග ආමත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ගිය සතියේ පිලිතුරක් දිලා තිබුණා ඉන්දියාවේ ඇමති කියනවා පාලම හදනවා අගමැතිතුමා කියනවා පාළම හදන්නේ නෑ කියලා ගම්මන්පිල ඇයි ඉන්දියාවේ ඇමතිව විශ්වාස කරන්නේ කියලා. මට නම් ඉන්දියාවේ ඇමතිකෙනෙක් පාර්ලිමේතුවේ ප්‍රකාශයක් කරාම එකේ විශ්වාසය නම් කඩ වෙලා නෑ. අපේ අගමැතිතුමා කියුවා දින 100න් පාර්ලිමේන්තු මැතිවරණයක් තියනවා කියලා එහෙම දෙයක් වුණේ නෑ. ගිය මාසේ කියුවා අයවැයේ සංශෝදන ගණනාවක් ප්‍රකාශයට පත්කරා හැබැයි ඒ කිසිම අයවැය සංශෝදනයක් අයවැයට ඇතුලත් නොකර රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කල අයවැයවමයි ගෙඩිය පිටින් සම්මත කර ගත්තේ. එවගේ අපේ අගමැතිතුමා පාර්ලිමේන්තුවට බොරුකිමේ සංස්කෘතියක් තියෙනවා. අපිට ඉන්දියාවේ එහෙම ආරංචි වෙලා නෑ. අපි හිතමු ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා කියන ආකාරයට අගමැතිතුමා පාලම හදන්න සකච්චා කළේ නෑ. ඉන්දියාව කියනවා අපි එක මාර්තු මාසයේ හදනවා ඩොලර් මිලියන 5.2ක ණයක් ඉල්ලලා ආසියානු සංවර්ධන බැංකුවට ඉදිරිපත් කරපු ණය ඉල්ලුම් පත ණය ලබා දීම ප්‍රමාද වුණේ පාරිසරික ඇගයිම් වාර්තාව ප්‍රමාද නිසා නැත්නම් වැඩ පටන් ගෙන. අපි හිතමු ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමා කියන්නේ ඇත්ත එක බොරුවක් වෙනවට වඩා භායනකයි ඇත්තක් වෙන එක. ලංකාවේ කිසිම අනු දැනුමක් නැතුව ඉන්දියාව ලංකාව යාකරන පාලමක් හදනවා කියලා තමයි මේ ආණ්ඩුව අපිට කියන්නේ. මේක දැනුවත්ව කරනවට වඩා භායානකයි. මේ පාළම ඉන්දියානු බලහත්කාරයක්, ආක්‍රමණයක්. රාමයනයේ සදහන් ආකාරයට මිට වසර දස දහසකට කලිනුත් රාමයි හණුමයි එකතුවේලා ලංකාවට බලහත්කාරයෙන් පාළමක් හැදුවා. ඒ පාළම දිගේ ආවා රාම මේ රට යටත් කර ගත්තා. තමන්ගේ රුකඩ විභිෂනලට මේ රට පාලනය කරන්න ඉඩ දීලා රාමට ඔන විදිහට රට පාලනය කරා. හණුමා වලිගේ ගිණිතියගෙන හණුමා පාලමෙන් ඇවිල්ලා මුළු ලංකාවම ගිණිතැබුවා. වසර දස දහසකට පසු යළිත් රග දක්වන්නේ රාමායනයද කියලා අපිට කිරිඇල්ල ඇමතිතුමා දුන්නු උත්තරයෙන් හිතෙනවා.

– අරවින්ද අතුකෝරල

Related posts

වසර 40ක් පුරා මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ වෙඩි නොවදින කාර් මුහුදේ ගිල්වයි

colombotoday

මම පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙක පෙන්නුවා… මට අගමැතිකම ඕන – හරින්

colombotoday

ඉහල යන ඉන්ධන මිලට විරෝධය පළ කරමින් බස් රථ හිමියන් අනුරාධපුර මාර්ග වසයි.

colombotoday

විශ්වවිද්‍යාල ආචාර්යවරු අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක

Admin

හාල් ටිකත් අරක්කු පෙරන්න දීලා.. මත්පැන් හිඟය පියවීමට බදු සහන දුන් එකම ආණ්ඩුව මේ ආණ්ඩුවයි

colombotoday

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

colombotoday