Colombo Today Local News

කල්දේරමකට වැටී පිළිස්සුණු රැඳවියෙකු මියයයි

උණු වතුර පිරවූ කල්දේරමකට වැටීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් ඇතැයි බන්ධනාගාරය පවසයි.

උණුවතුර කල්දේරමක් උස් ස්ථානයක සිට පහලට ගැනීමට උත්සාහ කිරීමේදී එම රැඳවියා කල්දේරම තුලට වැටී ඇත්තේ ඉකුත් 28 වැනිදා බවත්, ඔහු ප්‍රතිකාර සඳහා තංගල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (06)දින මියගිය බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව අගුනුකොලපැලැස්ස පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද පවසයි.

Related posts

හෙරොයින් සමහ කතක් බියගමදී අත්අඩංගුවට

colombotoday

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

ඥානසාර හිමි කාටත් හොරෙන් ජපානෙට වැඩම කර සමාධි බුදු පිළිම වහන්සේගේ තීන්ත අලේප කරති

colombotoday

කොරෝනා ආසාධිතයින් 21 දක්වා ඉහළට !

colombotoday

කථානායක සහ නියෝජ්‍ය කථානායක තෝරන දිනය

colombotoday

ඩයනා ගමගේට ඇත්තේ බ්‍රිතාන්‍ය පාස්පෝර්ට් එකක් | ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කියයි.

colombotoday