Colombo Today Local News

ජනපතිට, හිටපු ජනපති සුබ පතයි.. යහපාලනයනම් සුබ නෑ කියයි

mahinda my3

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධූරයට පත්වී වසරක් සපිරෙන මේ මොහොතේ එතුමාට සුබපතන බවත්, එනමුත් වත්මන් යහපාලන රජයේ වැඩපිළිවෙල පිළිබදව කිසිසේත්ම සතුටු නොවන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසූවේ නව වසරට අශිර්වාද ලබාගැනීම පිණිස ඊයේ දළදා වහන්සේ වැදපුදා ගැනීම සදහා ඊයේ දළදා මන්දිරයට පැමිණි මොහොතේ මාධ්‍යවේදීන් අමතමිනි.

මේ දිනවල මාධය මගින් තමන් දක්නට නොමැතිවීම පිළිබදව මාධ්‍ය මගින් විමසන බවද තමා මේ දිනවල සිදු කරන්‍ේන 2005 සිට කාපු බීපු පරණ දේවල් පිළිබදව ගණන් කිරීම බවද ඒ හැර වෙන වැඩක් තමාට නැති බවද හිටපු ජනපතිවරයා පැවසීය.

මෙහිදී මාධ්‍යවේදියෙකු නව වසරේ රටේ ජනතාවට ලබා දෙන පණිවුඩය කුමක්දැයි හිටපු ජනපතිවරයාගෙන් විමසීමක් කළ අරත ඒ මහතා සදහක් කළේ රුපියල් 13-15 තරම් මිල ඉහළ ගොස් තිබෙන අමු මිරිස් කරලක් අඩු මිලට කන්න ලැබෙන, මහජනතාවට බරක් වී තිබෙන මේ ආර්ථික පීඩනයෙන් සහනයක් අක්වේවායි නව වසරේ ප්‍රාර්ථනා කරන බවය.

මේ රට මේ විදිහට ඉදිරියට ගියහොත් වෙනත් පක්ෂ හැදෙන එක නවත්වන්න බැහැ. රටකට හොද විපක්ෂයක් අවශ්‍යයි. නමුත් අපේ රටේ විපක්ෂයක් නැහැ. විපක්ෂ නායකයා කවුද? විපක්ෂ සංවිධායක කවුද? ඒ අය ගිය ආණ්ඩුව බලයට පත් කරන්න කටයුතු කළ අයයි. මේ අය අවශ්‍ය වේලාවට ආණ්ඩුව බේරා ගන්න ඉදිරිපත් වෙනවා. මේ පිරිසෙන් හොද විපක්ෂයක කාර්යභාරය අපේක්ෂා කරන්න බැහැ. යැයිද ඒ මතා වැඩිදුරටත් පැවසීය.

අද වන විට එක් එක් පුද්ගලයින්ට ඕනෑ ඕනෑ විදියට හිරේ දාන්න පුලුවන් වෙලා තියන්නේ අප මැදිහත් වී අසීරු තත්ත්වයක තිබූ මේ රට කොටි ග්‍රහණයෙන් මුදා ගත් නිසයි. තිස් වසරක යුද්ධය අවසන් කළ නිසා ප්‍රබාකරන් පරාජය කළ නිසා මට එරෙහිව චෝදනා කරන පිරිස ඒවා කරන්නේ දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සදහා. ඔවුන්ට දුන් පොරොන්දු ඉටු කිරිම සදහා බව අප දන්නවා. මම මේවායින් කිසිසේත් සැලෙන මිනිහෙක් නෙවෙයි. මම එදා සැලුනෙත් නැහැ.යැයිද ඒ මතා වැඩිදුරටත් පැවසීය.

Related posts

අද සිට භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ

Admin

මහින්දගේ විද්වත් සභාවේ “සිංහලේ” ඇවිලෙයි… බොදු බලේ දිලන්තට කුණු බැණුම්

colombotoday

පාගමනට ආවේ දහදාහයි.. හරිම ප්‍රීතිජනකයි.. එනිසා විනය පරීක්ෂණ නෑ – එස් බී

colombotoday

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් එක් කර නොගන්න – කොටි හිතවාදීන් ඉල්ලයි

colombotoday

ජනපති මෛත්‍රී පොළොන්නරුවේදී පොසොන් බැති ගී ගයයි (Video)

colombotoday

“ආවා“ටත් වඩා නෙස්ලේ “නෙස්ටී“ දරුණුයි.. මාරාන්තිකයි.. අවා ගැන හොයන සෞඛ්‍ය ඇමති මේවා ගැන නිහඩයි

colombotoday