Colombo Today Local News

“ජෝජ් සොරෙස්: ලෝකෙම කාපු කම්බා හොරෙක්” ජවිපෙ සගයෝ අගමැතිගේ සුපිරි ආයෝජකයාව පතුරු අරී

ඊයේ (08) ආරම්භ වූ 2016 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවට ආරාධිතයකු ලෙස එක්ව සිටින ප්‍රකට ව්‍යාපාරික ජෝජ් සෝරෝස් ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල දැඩි ලෙස විවේචනය කර බව වාර්තා වේ.

ටිල්වින් සිල්වා

”සෝරෝස්ලට අනුවම ආර්ථික ක්‍රමයේ වැරැද්දක් තිබෙනවා. ඒ වගේ ජාවාරම්කාරයෝ ලංකාවට ගේන එකෙන් වෙන්නේ අපේ රටේ මුදල් ටිකත් ජාවාරම්කාරයින් අතට පත්වෙන එකයි. ඒක දැන දැනම ආණ්ඩුව ඉඩ හදලා දෙන එක තමයි භයානකම කාරණය. ̃

සුනිල් හඳුන්නෙත්ති

“මේ ආණ්ඩුව ආර්ථික සමුළු තියන්නේ ජෝර්ජ් සෝරෝස්ලත් එක්ක. සෝරෝස් තමයි නැගෙනහිර ආසියාවේම ආර්ථිකේ වැට්ටුවේ. ලෝක ආර්ථිකයෙන් විශාල පංගුවක් එක දවසෙන් තමන්ගේ අතට අරගෙන ජාවාරම් කරපු ජාවාරම්කාරයෝ තමයි මේ ආණ්ඩුවට ලොකුවෙලා තියෙන්නේ.”

බිමල් රත්නායක

”සෝරෝස්ම කියලා තියෙනව ̈ රටවල් කිහිපයක මුදල් එක් පුද්ගලයෙකුගේ අතට ගන්න පුළුවන්නම් ඒ ආර්ථික ක්‍රමයේ බරපතළ අර්බුදයක් තියෙනවා කියලා. ඒකෙන්ම ඔප්පුවෙනවා මේ ආණ්ඩු අනුගමනය කරන ආර්ථික ක්‍රමයේ වැරැද්දක් තිබෙනවා කියලා. ̃

ලාල්කාන්ත

”මහින්ද පැකර් ගෙනාවා. දැන් රනිල් සෝරෝස් ගේනවා. පැකර්ලාගේ සෝරෝස්ලගේ පාලනයක් තමයි මේ ආණ්ඩු දෙකම ගෙනියන්නේ. තමන්ට කියලා ආර්ථිකයක් හදාගන්න මේ පාලකයින්ට බැරි තරමට අ3⁄4බුදයට ගිහින්”

විජිත හේරත්

”ඒ නිසා මේ ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ගවලට එරෙහිව අපි වැඩපටන් ගන්න ́නෑ. මේ ආණ්ඩුවට සහාය දුන්න විශාල පිරිසකටත් ආණ්ඩුවේ වැඩපිළිවෙළ එපා වෙලා තියන්නේ.”

නුදුරේදීම ලෝකයේ මූල්‍ය අර්බුදයක් – සෝරෝස්

මේ අතර ඊයේ (08) ආර්ථික සමුළුව අමතමින් සෝරෝස් කියා සිටියේ නුදුරේදීම ලෝකයේ මූල්‍ය අර්බුදයක් ඇතිවිය හැකි බවයි.

ඔහු පෙන්වා දෙන්නේ චීන මූල්‍ය වෙළඳපළේ පවතින පසුබෑම මිට හේතුව බවයි.

භාණ්ඩ මිල පහලයාමෙන් පාරිභෝගිකයින්ට තාවකාලික සහනයක් හිමි වුණ ද පවතින තත්ත්වය මත 2008 වසරේදී ඇති වූ මූල්‍ය අර්බුදයට සමාන අර්බුදයක් ගොඩනැගිය හැකි බව ඔහු පෙන්වා දී ඇත.

2016 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේදී ජෝර්ජ් සෝරෝස් ප්‍රකාශ කර ඇත්තේ මෙම තත්ත්වය මත තමාගේ අයෝජන කණ්ඩායමට සුපරික්ෂාකාරිව කටයුතු කරන ලෙස තමා උපදෙස් දී ඇති බවයි.

srilankamirror.com

Related posts

හොර පාරෙන් ඕස්ට්‍රේලියා පනින්න අනුබලදුන් 5ක් අත්අඩංගුවේ

colombotoday

ජනපතිවරණයට සජිත් හංස ලකුණින්

colombotoday

අමෙරිකාවෙන් තවත් එන්නත් මාත්‍රා ලක්ෂයක පරිත්‍යාගයක්

colombotoday

අවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයේ ප්‍රසාදය

colombotoday

කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ගලවන්නැයි දැනුම්දීමක්

Admin

බහුවාර්ගික ත්‍රෛභාෂා පාසලකට පොළොන්නරුවේදී මුල්ගල් තැබේ !

colombotoday