Colombo Today Local News

සිංහරාජයත් අනතුරේ! වන රක්ෂිතය වනසා ජලවිදුලි ව්‍යාපෘතියක් හදයි [Photo]

සිංහරාජ වන මායිමේ ඇති කොස්කුලන ගග ආශ්‍රීතව ඉදිකෙරෙමින් පවතින කුඩා ජලවිදුලි බලාගාරයට කිසිදු තාක්ෂණික ඇගයීමකින් තොරව අවසර ලබා දී ඇති බව පරිසරවේදීහූ කියති.

කෙසේවුවද කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල්වීමෙන් මේ සඳහා මධ්‍යමපරිසර අධිකාරියේ අවසරය ලබාගෙන ඇති බවත්, මෙය ආරම්භ කර ඇත්තේ IEE (Initial Environmental Examination) අසම්පූර්ණ වාර්තාවක් මතයැයිද පැවසේ.

පරිසරවේදීහු කියා සිටින්නේ මේ අවසරය ලබාදීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව එරෙහිවී ඇති බවයි.

මේ ව්‍යාපෘතිය ඇරඹීම නිසා මේවන විටද කොස්කුලන ගඟ ආශ්‍රිත ඉව්රුවල ඉතා ඝනව වැඩී තිබූ තෙත් සදාහරිත වනපෙත විනාශයට පත්ව ඇති බවද වාර්තා වේ.එසේම එම ගඟේ සිටින බුලත්හපයන්, ගාල්පාඬින්, හීතමස්සන්, හල්මල් දණ්ඩි හා තල් කොස්සන් වැනි ලංකාවට ආවේණික මතස්‍ය විශේෂ ගණනාවක් විනාශයට පත්වීමේ අවදානමක් මතුව ඇති බවද පැවසේ.

මෙසේ විනාශයට පත්වෙමින් පවතින්නේ ලෝක උරුමයක් වූ සිංහරාජයේ යුනෙස්කෝවෙන් ප්‍රකාශිත ප්‍රේරක කලාපය තුළ බවද වාර්තා වේ.

ඡායාරූප Rainforest Protectors of Sri Lanka

Related posts

“මහින්දට ආරක්ෂාව මදිනම් ගෙදරට වෙලා දොර වහන් ඉන්න කියන්න“ – ෆොන්සේකා

colombotoday

‘මා නිසා අසරණ රෝගීන් අමාරුවේ දාන්න එපා‘ – මහැදුරු කාලෝ GMOAගෙන් ඉල්ලයි

colombotoday

දුම්රියේත් යහපාලනය තිතටම.. ඇබෑර්තු ඇත.. තනතුරු ඇමති හෙංචයියන්ට පමණයි !

colombotoday

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

colombotoday

කොවිෂීල්ඩ් එන්නතේ ‘පළමු මාත්‍රාව ලබාදීම’ තාවකාලිකව අත්හිටුවයි

colombotoday

කදිරගාමර් ඝාතනයේ සැකකරුවන් ජර්මනියේදී අත්අඩංගුවට…

colombotoday