Colombo Today Local News

අර්ජුන තිලංගගේ පැටිකිරියම දිග හරී.. ක්‍රිකට් ක්‍රීඩාව සූදු අන්තුවන්ටම ගිය බව කියයි

arjuna thilanga

අසත්‍ය චෝදනා නඟමින් සහ වැරදි ප්‍රකාශ කිරීමේ පදනම මත තිලංග සුමතිපාල මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

අද උදෑසන පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් අර්ජුන රණතුංග අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රීඩාව පාලනය කරන මුදලාලිකරණය ගැන ක්‍රීඩා අමාත්‍යවරයාගේද අවධානය යොමු විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. අර්ජුන රණතුංග අමාත්‍යවරයා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව බුකී ව්‍යාපාරයෙන් සහ සූදුවෙන් බේරා ගැනීම සඳහා සටනක් දියත් කළ යුතුව ඇති බවයි.

“ඇත්තටම මම සුමතිපාලට බයයි. ඔහු කථා කළ විදියටත් බයයි. මොකද මෙතුමාට පසුගිය කාලේ තිබුණා නඩුවක්. ඒ නඩුවේ ප්‍රධානතම කරුණ වුණේ පාතාලේ කෙනෙක් 99 ලෝක කුසලානයට ගෙන යාම. ආගමන විගමන පණත යටතේ සුමතිපාල සැකකරුවෙක් ලෙස අත්අඩංගුවට ගත්තා. මම දන්න තරමට අධිකරණ පෝය දවස්වල වැඩ කරන්නේ නැහැ. වැඩ කරනවා නම් වැඩ කරන්නේ ගරු විනිශ්චයකාරතුමන්ලාගේ නිල නිවෙස්වල.

නමුත් මේ පුද්ගලයා අත්අඩංගුවට පත් වුණු වෙලාවේ පොහෝ දිනයක විවෘත අධිකරණයකදී ඇප ගත්තා. ඇප ගත්තෙත් ඇප දිය නොහැකි වරදකට. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් අවසානයේදී ඇප දුන්න ගරු විනිශ්චයකාරතුමාගේ රැකියාව අධිකරණ සේවා කොමිසම් සභාව විසින් ඉවත් කළා. මේ නඩුවේදී මම දන්නා විදියට චෝදනාව තිබුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ මුදල්වලින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මාර්ගයෙන් ධම්මික අමරසිංහ නැමැති පුද්ගලයා විදේශගත කිරීම සම්බන්ධයෙන්.

ඒ පුද්ගලයාට මොකද වුණේ. උසාවිය තුළදීම ඝාතනය කෙරුණා. ඒකේ පසුබිම් කථාව මම දන්නේ නැහැ. ඒ හින්දම තමයි මම බය.

මම වඩාත් වැදගත් කරුණක් කියන්න කැමතියි. මගේ අම්මා ගුරුවරියක්. අපේ අම්මා තාත්තා දුක් මහන්සියෙන්, දහදිය මහන්සියෙන් හම්බ කරලා අපිට කන්න දුන්නේ. අපේ අම්මා තාත්තා කවදාවත් අශ්ව රේස් දුවවලා හම්බ කළ මුදල්වලින් අපිට කන්න දුන්නේ නැහැ. ඒනිසා මගේ හැදියාව බොහෝම හොඳයි. මමත් අද මගේ දරුවන්ට කන්නේ දෙන්නේ අවුරුදු 20ක් ක‍්‍රිකට් ගහලා, වෘත්තීය වැඩකටයුතුවල යෙදිලා හම්බ කරන සල්ලිවලින්. දවසේ තිස්සේ දුක් මහන්සියෙන් හම්බ කරන මුදල අශ්ව රේස්වලින් කොල්ල කන, පවුල් විනාශ කරන, මිනිස්සුට ගිනි දෙන ව්‍යාපාරවලින් සල්ලි හම්බ කරලා මගේ දරුවන්ට කන්න දෙන්නේ නැහැ. ඒ ගැන මට ආඩම්බරයි.”

යැයිද අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසීය.

මෙරට අංක එකේ සූදූ ව්‍යාපාරිකයා ලෙස හැදින්වෙන තිලංග සුමතිපාල උත්තරීතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරා ද වෙයි. ක්‍රිකට් භාණ්ඩ මෙරටට අනයනය,පාවෙන කැසිනෝ ශාලා පවත්වාගෙන යාම,රේස් බුකි, සුමති පුවත්පත් සමාගම ඇතුළු ව්‍යාපාරයන් රැසක හිමිකරුවෙකු ද වෙයි.

එමෙන්ම තිලංග සුමතිපාල ජාත්‍යයන්තර බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන දායකත්වය දරමින් බෞද්ධයින් අතර සුදු චරිතයකටද පණ පොවයි. මැතිවරණවලදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුවද ඔහු කරලියට පැමිණෙන ඕනෑම රජයක් සමග සම්බන්ධතා ඇති කරගන්නේ සිය සූදු මාෆියාව පවත්වාගෙන යාම සදහාම බව තතු දත්තෝ කියති.

Related posts

මුහුද යටින් කේබලයක්.. විදුලිබල පද්ධතිය ඉන්දියාවට අමුණයි.. විදුලියත් ඉන්දියාවෙන් !

colombotoday

රජයේ ආයතන රැසකට අගමැති අත ගසයි!

colombotoday

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාල සුබානා ජුරොං සැලැස්මට කැබිනට් අනුකමිටුවක්

Admin

ටිකිරි මැණිකේ පීලි පනී… උඩරට දුම්රිය ගමනට බාධා

Admin

ප්‍රා. සභා මන්ත්‍රීවරියක් ග්‍රාම නිලධාරීවරියක් සමග සහන මල්ලට කෙහෙවලු පටල ගනී | ග්‍රාම නිලධාරිනිය රෝහල් ගත වෙයි

colombotoday

අරුග්ගොඩ සලිදුගේ කෝටි දෙකක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

colombotoday