Colombo Today Local News

“ජනවාරි 8 සැමරුවේ සිංහල බෞද්ධයාගේ මළගමයි” – නිර්මාල් රංජිත් උදම් අනයි

nirmal eanjithජනවාරි 8 වනදා තමන් සමරන්නේ වෙන කිසිවක් නොව මෙරට බිහිවූ ශක්තිමත්ම සිංහල බෞද්ධ පාලනය බිඳ වැට්ටවීම බවත් දැන් සිංහලයා වෙනුවෙන් පෙනී සිටින සිංහල ජාතිකවාදී දේශපාලනයේ මළගම සිදුවී අවසන් බවත් නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ “උදාන වාක්‍ය” පළ කර තිබේ.

අදට 2015 ජනාධිපතිවරණයට වසරකි. ඒ වෙනුවෙන් ආණ්ඩුව රාජ්‍ය මට්ටමෙන් සැමරුම් උත්සව සංවිධානය කර ඇත. මටත් ඒ සදහා ආරාධනා ලැබී තිබේ. ඒවාට සහභාගී නොවීමට මම තීරණය කළෙමි. (මා ඒ වෙනුවෙන් පළ කෙරෙන ලිපි එකතුවට ලිපියක් පමණක් ලීවෙමි. ලිපි එකතුව සංස්කරණය කරනු ලබන්නේද රාජපක්ෂ තන්ත්‍රයේ ප්‍රකට ආරක්ෂකයෙකු වූ මගේ මිත්‍රයෙක් වීමද උත්ප්‍රාස ජනකය.) ඒ ඔවුන් සමරන දේ හා මා සමරණ දේ අතර වෙනසක් ඇති නිසාය. මා සමරන්නේ පශ්චාත්-යටත්විජිත ලංකාවේ පැවැති ශක්තිමත්ම සිංහල-බෞද්ධ හෙජමොනික පාලන තන්ත්‍රයේ බිද වැටීමයි. ව්‍යාජ රැඩිකල් වාමාංශිකයින් මොනවා කීවද එය ඉතා තීරණාත්මක දේශපාලන සංසිද්ධියකි.

රාජපක්ෂ තන්ත්‍රයේ මෙම බිදවැටීම කොතරම් තීරණාත්මකද යන්න රාජපක්ෂ තන්ත්‍රයට සෙවන දුන් සිංහල-බෞද්ධ ජාතිකවාදයේ දෘෂ්ටිවාදී කේන්ද්‍රයේ සිටින පිරිස් වලට මෙම පරාජය ක්ෂතිමය අත්දැකීමක් වී ඇති ආකාරයෙන් පෙනේ. (“යුතුකම සංවාද කුළකය” නමින් ගොනුවී ඇති පිරිස්වල කතිකාව පරීක්ෂා කිරීම මෙහිදී වැදගත්ය.) රාජපක්ෂ පරාජය කොට සිරිසේන ජයග්‍රණය කලේ ලක්ෂ 62 ට 57ක් වශයෙනි. මෙහි තීරණාත්මක බව තේරුම් ගත යුත්තේ ජනාධිපතිවරණය සම්බන්ධව ඊට පෙර රාජපක්ෂ කදවුර තුළ පැවැති තක්සේරුව දෙස බැලීමෙනි.

මහාචාර්ය නලින් ද සිල්වා ප්‍රකාශ කලේ සිරිසේන ෆොන්සේකා තරම්වත් ඡන්ද ගන්නේ නැති බවයි. දකුණේ ජනයා සිංහල-ජාතිකවාදයට පිටින් සංවිධානය කීරීමට ඇති හැකියාව ඓතිහාසික වශයෙන් අවසන්ව ඇතැයි ඔවුහු තීරණාත්මක ලෙස විශ්වාස කළහ. සිදුවුනේ කුමක්ද යන්න පිළිබදව තවමත් ඔවුන්ට තක්සේරුවක් නැත. ඔවුන්ට අනුව එය බටහිර හා ඉන්දීය තානාපති කාර්යාල වල කුමන්ත්‍රණයකි.

දැන් සිංහල-ජාතිකවාදයේ දේශපාලන මදුසමය අවසන්ය. තම පුතුන්ගේ දේශපාලන අනාගතය හා පවුලේ පැවැත්ම වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ද සිංහල ජාතිය පාවාදීමට බොහෝ දුරට ආසන්න බව මගේ මේ මොහොතේ තක්සේරුවයි. කොහොමත් ඔහු කළේ වැල යන අතට මැස්ස ගැසීමයි. ගුණදාස අමරසේකරට දැන් ඊළග ගැලවුම්කරුවා (Messiah) එනතුරු “ගමනක මුල” නැවත ලිවීම ආරම්භ කිරීමට පුලුවන. ඒ සදහා මම ඔහුට චිර ජීවනය ප්‍රාර්ථනා කරමි. අව්‍යාජ සිංහල ජාතිකවාදීන් ගේ ලේ රත් කරමින් දැන් “සිංහ ලේ” විවෘතවම කරළියට පැමිණ ඇත. සිංහල ජාතිකවාදය (හෙගලියානු අර්ථයෙන්) එහි දයලෙක්තික වර්ධනයේ තීරණාත්මක අවසානයට පැමිණ ස්ව්‍යං-විනාශය කරා ගමන් කරමින් සිටී. “සිංහ ලේ” ව්‍යාපාරය ඒ අවමගුල් පෙරහැරේ මිනී බෑන්ඩ් එකයි (ජාත්‍යන්තරවාදීනි!!! කරුණාකර ඔවුන්ට බාධා නොකරන්න!!!). “අව්‍යාජ” සිංහල ජාතිකවාදීන් මෘත කලේබරය පසුපස විලාප තියමින් ගමන් කිරීම අපට දැකිය හැක.

ඊනියා යහපාලන ආණ්ඩුවේ (මම මේ ආණ්ඩුව සදහා යහපාලන ආණුඩුව යන වචනය භාවිතා නොකරන බව සලකන්න) පළමු වසර සැමරීමට මට කිසිදු වුවමනාවක් නැත. මා සම්බන්ධ වන්නේ ජනවාරි 8 සිදුවූ වැදගත් දේශපාලන විපර්යාසය පසුපස පැවැති පොදු අභිලාෂ ඉදිරියට ගෙනයාමේ අරගලයකටයි.

– ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

ජනාධිපතිවරණ සමයේ යහපාලන වෙස් ගෙන සිටි නිර්මාල්ලා ඊට මාස හය හතකට පෙර තම ‘පොදු අපේක්ෂක මෙහෙයුමේ’ අරමුණ පැහැදිලි ‘අපි මාදුළුවාගේ හිමි ජනාධිපතිවරණෙට ගේන්නේ සිංහලයා පරද්දන්නයි’ යනුවෙනි.

මොවන් ජනාධිපතිවරණ සමයේ තමන්ගේ මේ දුෂ්ඨ අරමුණ යට ගසා ව්‍යාජ ‘යහපාලන’ වේශයක් ගත් හැටි සිහි කරගන්න. මොවුන්ට ඕනකර තිබූ යහපාලන ඉටි ගෙඩියක් නැති බවත් අවශ්‍යව තිබුණේ සිංහල බෞද්ධයාට යම් දේශපාලන බලයක් තිබුණිනම් එයද අහෝසි කර දමා රට බෙදා දෙමළ ජාතිවාදය පිනවීම බව තවමත් නොතේරෙන තොත්ත බබාලා වෙත්ද?

Related posts

දණගැස්වූ විදුහල්පතිණියට මරණ තර්ජන…

colombotoday

ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය ලංකාවේ නිපදවයි

colombotoday

බස්නාහිර පළාතෙන් යන අයට ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

රට අගුළු දමා ඇති කාලසීමාවේදී ගුවන් මෙහෙයුම් අඛණ්ඩව

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ 64,779ක් අත්අඩංගුවට

colombotoday

2020 පාර්ලිමේන්තුවේ සං‍යුතිය ප්‍රකාශ කෙරේ

colombotoday