Colombo Today Local News

ශ්‍රී ලංකා බුද්ධි අංශය බුද්ධි තොරතුරු බෙදා නොගැනීම පිළිබදව ඉන්දියාව කණගාටුවෙන්

isis sri lanka - india 1ලෝක ආරක්ෂාවට තර්ජනයක්ව ඇති ISIS ත්‍රස්ත සංවිධානයෙන් කලාපයට එල්ලවියහැකි තර්ජන නැවත්වීම සදහා ඉන්දියානු බුද්ධි සේවා ශ්‍රී ලංකා රජය සමග බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනුනද ශ්‍රී ලංකාව පාර්ශවයෙන් ඒ සදහා සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම පිලිබදව ලන්ඩනයේදී පැවති ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික සාකච්චාවකදී එරට රජයේ ප්‍රධානියෙක් කරුණු දක්වා තිබෙනවා.

මෙහිදී ISIS සාමාජිකයන් සදහා තාවකාලික නවාතැන්පලක් බවට ශ්‍රී ලංකාව පත්වීමේ අවදානමක් පවතින බවටද කරුණු දක්වා ඇති අතර 25% ක පමණ මුස්ලිම් ජනතාවක් ජිවත්වන ඉන්දියාවට වඩා 10% ක මුස්ලිම් ජනතාවක් ජිවත්වන ශ්‍රී ලංකාවේ, මුස්ලිම් දේශපාලන පක්‍ෂ වඩාත් බලවත්වීම හේතුවෙන් රජයට අවාසි වෙතැයි බියෙන් මෙම බුද්ධි තොරතුරු ලබාදීමට ශ්‍රී ලංකා රජය මැලි විය හැකි බව හෝ ශ්‍රී ලංකා බුද්ධි අංශ සතුව ප්‍රමාණවත් බුද්දි තොරතුරු නොමැතිවීම මෙම තත්වය ඇතිවීමට බලපෑ හැකි බවට සාකච්චා වී ඇත.

ඉදිරියේදී රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ පිලිබදව ඉන්දියාව විමසනු ඇති බව colombotoday.com වෙත වාර්තාවෙනවා.

Related posts

“කවර ජාතිවාදී මරාගැනිල්ලක් වුව සේවය කරනුයේ මෙම දේශද්‍රෝහී ආණ්ඩුවේ බල පැවැත්මටයි“ – විමල්

colombotoday

හක් බෙල්ලන් 14,163ක් ගබඩා කරගෙන සිටි තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

පොහොර තහනම බැසිල් ලිහිල් කරයි. – රසායනික පොහොර වර්ග කීපයක් ආනයනයට අවසර

colombotoday

ඇලෝසියස් මටත් උදව් කරා.. රාජපක්ෂලාටත් උදව් කරා – එජාප මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

colombotoday

ඔක්සිජන් හිඟයක් ඇති වී මරණ සංඛ්‍යාව ඉහළ යා හැකියි – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

colombotoday

නෙලුම් කුළුන විවෘත කිරීම වෙනුවට ජනපති රට හෑල්ලු කලා

colombotoday