Colombo Today Local News

නාකොටික් නිලධාරීන් ඇතුළු 17දෙනා යළි රිමාන්ඩ්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලබන මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළේ යැයි අත්අඩංගුවට ගෙන සිටින එම කාර්යාංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් ඇතුළු සැකකරුවන් 17 දෙනා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (11)දින නියෝග කළේය.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව කියා සිටියේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් පස් දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බව එම නිලධාරියා අධිකරණයට දන්වා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගණනාවකට ඉකුත් දිනවල කොවිඩ් ආසාදනය වීම නිසා මෙම විමර්ශනයට අදාළව බාහිර පුද්ගලයින් ගෙන්වා ප්‍රශ්න කිරීමේ කටයුතු පසුගිය දිනවල සිදුනොවූ බව පෙන්වා දුන් එම නිලධාරියා මෙම සිද්ධියට සම්බන්ධ විමර්ශන මේ වනවිට යළි ආරම්භ කර තිබෙන බව ද දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව පොලිසිය භාරයට ගත් වාහන 10 ක් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකර ඇති අතර ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

Related posts

අවුරුදු 10ක දුවෙක්ව බන්දලා දුන්නෝත් මුස්ලිම් අම්මට මොකුත් කරන්න ශක්තිය නෑ. – වෛද්‍ය තුෂ් වික්‍රමනායක

colombotoday

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක්

colombotoday

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස් රථ 30 ක බලපත්‍ර අවලංගුයි

colombotoday

බෝඩ් ගහගෙන ‘වෙනසක්‌’ කරන මොකක්‌ද මේ අලුත් සෙල්ලම

colombotoday

ආගමට වඩා මනුෂ්‍ය ජීවිතය ලොකුයි – කාදිනල්

colombotoday

විදුලි බල මණ්ඩලයට වාරණ නියෝගයක්

colombotoday