Colombo Today Local News

පිල්ලෙයාන්ට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති අධිකරණයට දැනුම් දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලේයාන් හෙවත් ෂිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට එරෙහිව විභාග වු ජෝසෆ් පරරාජසිංහම් ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති දෙපාර්තමේන්තුව මඩකලපුව මහාධිකරණයට අද දැනුම් දුන්නේ ය.
අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු 5 දෙනෙකුට එරෙහිව එම නඩුව ගොනුකර තිබිණ.

මඩකළපුව මහාධිකරණයේදී නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහස් නොකරන බවයි.

ඒ අනුව ලබන බදාදා මහාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

Related posts

ඇලෝසියස් ඒකාබද්ධයටත් සලකලා… නාමල්ට දුරකථන ඇමතුම් 800ක් !

colombotoday

රත්‍රං මිල ගණන් තවත් පහළට

Admin

ගංජා විකුණන්න ගිය පොලිස් OIC සහ කොස්තාපල් රිමාන්ඩ්

Admin

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දලට

colombotoday

මහ නගර සභාවේ අයවැය පරාජයට පසු යාපනයට නව නගරාධිපතිවරයෙක්

colombotoday

අනතුරට පත් ට්‍රෝලර් යාත්‍රාවක සිටි 38ක් නාවික හමුදාව බේරාගනී

Admin