Colombo Today Local News

කොළඹ – යාපනය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා යළි ඇරඹීමට පියවර

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් අත්හිටුවා තිබූ කොළඹ – යාපනය අභ්‍යන්තර ගුවන් ගමන් සේවා යළි ආරම්භ කිරීමට සංචාරක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව නොවැම්බර් මස මැද භාගයේදී අභ්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරෙනු ඇත.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ද සැලකිල්ලට ගනිමින් එම ගුවන් ගමන් සිදු කරන ලෙසට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.

පසුගිය වසරේ මාර්තු මසට පෙර රත්මලාන ගුවන් තොටුපළේ සිට යාපනය පළාලි ගුවන් තොටුපළ දක්වා සතියකට දෙවරක් ගුවන් ගමන් මෙම අභ්‍යන්තර ගුවන් ගමන් සේවාව සිදුකෙරිණි.

එය දෛනිකව සිදුකිරීමේ හැකියාව පිළිබදව සොයා බලන ලෙසත්, ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද සංචාරක අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

Related posts

අස්වැසුම ගන්න පෝලිමක සිටි අයෙක් ඇද වැටී මිය යයි

Admin

උතුම් නවම් පොහොය අදයි…

colombotoday

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස් රථ 30 ක බලපත්‍ර අවලංගුයි

colombotoday

පළමු පාසල් වාරය ලබන 21වනදායින් අවසන්

Admin

නිල සංචාරයකට අගමැති චීනයට

Admin

අලුත්ගම සිංහල – මුස්ලිම් ගැටුමට මුල්වූ දේශපාලකයා දැන් ආණ්ඩුවේ ඇමතිවරයෙක් – පියල් නිශාන්ත

colombotoday