World

ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 27ක් මරුට

ඉන්දුනීසියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ දුෂ්කර මාර්ගයකින් පහළට ඇදවැටී බස් රථයක් අනතුරට පත්ව ඇත.

පාසල් ළමුන් සහ මව්පියන් ඇතුළු පිරිසක් විනෝද චාරිකාවකට සහභාගී වී ආපසු පැමිණෙන අතරතුර එම සිදුවීමට මුහුණ පා තිබුණි.

ජාවා දූපතේ සුමෙඩන්ග් නගරය අසළ ප්‍රදේශයකදී අනතුර සිදුව ඇති අතර බලධාරීන් පවසන්නේ බස් රථය රියදුරාගේ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවය.

අනතුරින් 39 දෙනෙකු දිවි ගලවා ගත් බව එරට ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

චීනයේ මිලිටරි තර්ජන ගැන නේටෝ සංවිධානයෙන් අනතුරු අගවයි

colombotoday

අමෙරිකාවෙන් යුක්‍රේනයට පොකුරු බෝම්බ ලබා දුන් බවට හෙළිදරව්වක්

Admin

තායිවානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

colombotoday

තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා වසරක්

colombotoday

ආජන්ටිනාවේ ගබ්සාව නීතිගත කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය

colombotoday

රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරයි

Admin