Colombo Today Local News

ආපදා තත්ත්වයෙන් පාසල් 630ක් වැසෙයි

අපදා තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පාසල් හයසිය තිහක් පමණ වසා දැමීමට සිදු වී ඇත. යාපනය දිස්ත්‍රික්කයේ පාසල් 444ක් ද වයඹ පළාතේ පුත්තලම අධ්‍යාපන කලාපයේ පාසල් 37ක්ද හලාවත සහ ගිරිඋල්ල යන කලාපවල පාසල් එකොළහ බැගින් ද වසා දැමීමට සිදු වූ බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයලත් දිසානායක පවසයි.

ගිරිඋල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ද ජලයෙන් යට වී ඇති බවත් ඒ මහතා පවසයි. එමෙන්ම බස්නාහිර පළාතේ කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි පාසල් පහළොවක් පමණ ද සබරගමුව පළාතේ ඇළපාත ප්‍රදේශයේ පාසල් පහක් ද වසා දැමීමට සිදු වී ඇත.

මේ අතර පවතින අයහපත් කාලගුණය මත කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් එකසිය පහක් අද (11) වසා තැබේ. ආපදා තත්ත්වය හේතුවෙන් පාසල්වලට කිසිදු හානියක් සිදු වී නැතැයි ද පාසල් වසා දැමීමට සිදු වූයේ අවට පවතින ගංවතුර තත්ත්වයන් නිසා යැයි ද එම ප්‍රදේශවල අධ්‍යාපන බලධාරීන් පවසයි.

Related posts

යුරෝපා එන්ජීඕවක්‌ මේජර් ජෙනරාල් ජගත් ඩයස්‌ට නඩු දමයි

colombotoday

මැතිසබයේ කමිටු ගැන කිරිඇල්ල කතානායකට පැමිණිලි කරන්න යයි

Admin

දිනුවත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන හිමිකාරීත්වය අවදානම් තත්ත්වයක

colombotoday

පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයයි

Admin

“විල්පත්තු සංහාරයට මාත් විරුද්ධයි” රිෂාඩ් බදුර්දීන් පරිසර හිතකාමීන්ව ඔලුවෙන් හිටගස්සවයි

colombotoday

හෙට දිනය තුල වාණිජ බැංකු අවම වශයෙන් පැය 2 ක් විවෘත කර තබන්න. මහ බැංකුවෙන් උපදෙස්

colombotoday