Colombo Today Local News

ජාතික කොඩිය විකෘති කර කොළඹ පුරා කටවුට්‌.. “උරුම හුවමාරුවෙන්” උරුමය නැසෙයි!

“උරුමය හුවමාරු කරගැනීම” තේමාව යටතේ මෙම මස 15 වැනිදා සිට 17 වැනිදා තෙක්‌ කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පකිස්‌ථාන සහයෝගිතා ජාත්‍යන්තර ප්‍රදර්ශනය පිළිබඳව කොළඹ නගරය පුරා ප්‍රදර්ශනය කර ඇති ප්‍රචාරක පුවරුවල පකිස්‌ථාන ජාතික කොඩිය සමඟ භාවිතා කර ඇති ශ්‍රී ලංකා ජාතික කොඩිය විකෘති කර ඇත.මෙත්තා, කරුණා, මුදිතා උපේක්‍ෂා යන සතර බ්‍රහ්ම විවරණ ඇතුළු සියලු ආගම්වලට ගරු කිරීමේ උතුම් ගුණය සංකේතවත් කරමින් ජාතික කොඩියේ සිව්කොනේ ඇති බෝ කොළ සතර මෙම ජාතික කොඩියේ නැත.

දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ ඇතුළු සුළුජාතීන් සංකේතවත් කරමින් ජාතික කොඩියේ ඇති කොළ සහ තැඹිලි වර්ණයෙන් යුත් තීරු දෙකද මෙම ජාතික කොඩියේ නොමැත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව පනවා ඇති නීති රීති යටතේ විකෘති කරන ලද හෝ හානියට පත් වූ හෝ අවලක්‌ෂණ වූ හෝ ජාතික කොඩියක්‌ ප්‍රදර්ශනය කිරීම තහනම්ය.

ශ්‍රී ලංකාවත් පකිස්‌ථානයත් එක්‌ව පවත්වනු ලබන ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයකදී මෙලෙස විකෘති කරන ලද ජාතික කොඩිය සහිත ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීම සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් අවධානය යොමු විය යුතු බව ජනතාව දැඩිව කියති.

Divaina

Related posts

චීන විද්‍යාත්මක පර්යේෂණ යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොටට

colombotoday

අවම සුදුසුකම්වත් නැති සිසුන් ආවොත් කොතලාවල වෛද්‍ය පීඨ ආචාර්යවරු අධ්‍යන කටයුතුවලින් ඉවතට

colombotoday

පොලිසියේ 129ක් නොතකා ඇමති රංගේට සහන සැලසූ පොලිස් කොමිසමට පොලිසියෙන්ම විරෝධය

colombotoday

අරගලයේ ක්‍රියාකාරී සාමාජික ධනීස් අලි ඇතුළු 21කට විදෙස් ගමන් තහනමක්

colombotoday

ඉන්දියාවෙන් ලැබුණු කොටස ගැන ලංකාව නොසතුටෙන් !

colombotoday

ගෑස් හිඟයක් නැහැ ලබන සතියෙත් ගෑස් මිල අඩු කරනවා – ලිට්‍රෝ සමාගම

Admin