Colombo Today Local News

අයවැයේ ආදායම් යෝජනා

කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් 2020 වසර වන විට රාජ්‍ය ආදායම සියයට 9.2දක්වා පහත වැටී තිබේ.

අද පාර්ලිමේන්තුවේ දී ආදායම් යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

එක්වරක් පමණක් අය කරන බදු

  1. 2021 තක්සේරු වර්ෂය සඳහා රු මි 2000ට වඩා බදු අයකළ හැකි ආදායමක් උපයන ලද තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අය කෙරෙන 25%ක බද්දක් අය කිරීමට යෝජනා කෙරේ. එම බද්ද රුපියල් බිලියන 100ක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.

2. බැංකු සහ මුල්‍ය සේවා ආයතන විසින් මුල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් වන අගය එකතු කිරීම මත අය කරන බද්ද 15% සිට 18% දක්වා වැඩි කිරීමට යෝජනා කෙරේ. මෙම බද්ද 2022 ජනවාරි පළමු වන දින සිට 2022 දෙසැම්බර් 31 වන දින දක්වා සෑම මසමක ගෙවිය යුතුයි.

එමෙන් ම මෙම බද්ද පාරිභෝගිකයා වෙත යොමු නොකළ යුතුයි. මෙමඟින් රුපියල් බිලියන 18ක් උපයා ගැනීමට බලාපොරොත්තු වේ.

මේ අතර සමාජ සංරක්ෂණ දායක මුදලක් අය කිරීමට යෝජනා කර තිබේ.

2.5% ක අනුපාතය යටතේ වසරකට රුපියල් මිලියන 120ක් ඉක්මවන මෙම මුදලට යටත් පිරිවැටුම මත මෙම දායක මුදල අය කෙරෙනු ඇත.

එම දායක මුදල මඟින් වසරකට රුපියල් බිලියන 140ක පමණ ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

2022 අප්‍රේල් 01 මෙය ක්‍රියාත්මකය.

Related posts

ආණ්ඩුව පෙරලන්න පිල් දෙකකින් මෙහෙයුමක්… පක්ෂ නායක රහස් හමුවක්… පිල් මාරුවකුත් සූදානම්

colombotoday

ලීක් වුණ හඩ පට මධ්‍ය මගින් ප්‍රචාරය නවතන්නැයි ඉල්ලා රන්ජන් උසාවි යයි !

colombotoday

19 තීරණාත්මකයි.. මහනුවරදී හෙට වෙන්න යන දේ මෙන්න !

colombotoday

බටල්ගලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි.. අයෙක් මරුට

colombotoday

ගසකට බිලි වූ ජීවිතය

Admin

වාරණයට ලක්කළ රවීගේ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙන්න

colombotoday