Colombo Today Local News

“සිංහලේ” ගැන තානාපති කාර්යාලත් කැළබෙයි !

sinhale23

ශ්‍රී ලංකාවේ දේශපාලන, ආරක්ෂක තත්වය ඇතුළු විශේෂ කාරණා සම්බන්ධව විදේශ රටවල් කිහිපයක තානාපති කාර්යාල නිලධාරීන් රැස්වී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. තම බුද්ධි සේවා දන්වා සිටින තොරතුරු අනෙකුත් රටවල හා හුවමාරු කරගැනීමත් ඒ පිළිබදව සාකච්ඡා කිරීමත් මෙලෙස රැස්වීමේ අරමුණ බවයි වාර්තා වන්නේ.

2016 වසර ආරම්භයත් සමග පැවැත්වුණු මෙම වසරේ පළමු සාකච්ඡාවේදී ඔවුන්ගේ විශේෂ අවධානය මේ දිනවල ජනප්‍රියව ඇති “සිංහලේ” සංකල්පය පිළිබදව යොමව තිබෙනවා. වෙනදාටත් වඩා සාමාන්‍ය ජනතාව ජාතිකත්වයට නැඹුරුවීම ලංකාව සදහා සිය මැදිහත්වීම්වලට සහ ඉදිරි මෙහෙයුම් කටයුතුවලට ගැටලුකාරී තත්වයක් ඇතිකරන බවයි ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ.

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ජනප්‍රියත්වය සීඝ්‍ර ලෙස පහළ ගොස් “සිංහලේ” ඉස්මතුවීම ඉදිරි මැතිවරණවලදී රජයට විශාල අවාසියක් විය හැකි බවත් “බොදු බල සේනා” සංවිධානය පිටුපස සිට මෙම කටයුතු මෙහෙයවන බවත් විවිධ අහහස් මෙහිදී පලවී තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.

 

Related posts

කොරෝනා අවදානම නොතකා ඡන්දය දැමීමට පැමිණි සියලුදෙනාට ස්තුතියි- මහින්ද දේශප්‍රිය

colombotoday

කටුනායක පුද්ගල ඝාතනයක්

colombotoday

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් 78ක්

colombotoday

මන්දගාමී දුම්රියක කාර්මික දෝෂයක්

Admin

රටට ආදරයක් තියනවනම් ව්‍යවස්ථාවට ඡන්දය දෙන්න එපා.. ඇල්ලේ හිමි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි

colombotoday

අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්‍රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ

colombotoday