Colombo Today Local News

කොළඹට පැය 28 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (13) රාත්‍රී 8.00 සිට පැය 28 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ ඒ අනුව අද රාත්‍රී 8.00 සිට හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කොළඹ 04, 05, 06, 07 සහ 08 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

ඊට අමතරව ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව නගර සභා බලප්‍රදේශවලට ද අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු අති.

අඹතලේ සිට කෝට්ටේ ජල තටාකය වෙත ජලය සපයනු ලබන ප්‍රධාන නළයේ හදිසි ජල කාන්දුවක් පිළිසකර කිරීම හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පැවසී ය.

Related posts

දේශීය ඇඳුමක් ඇඳ සිකුරාදා ට සේවයට එන්නැයි රජයේ සේවකයින්ගෙන් ඉල්ලීමක්

colombotoday

නීතිවිරෝධි වැලි කැනීම් ඇතුලු ජාවාරම් වලට එරෙහිව දැඩි පියවර

colombotoday

සතොස භාණ්ඩ 07ක මිල අද සිට අඩුකරයි

Admin

පහරදී ඝාතනය කර පිළිස්සු තරුණයෙකුගේ සිරුරක් පූජා නගරයේ

colombotoday

මත්තල ගන්න එන ඉන්දීය ආයෝජකයෝ ලංකාවට එයි… හොර රහසේම ගුවන්තොටුපල නිරීක්ෂණය කරයි

colombotoday

බිත්තර ලොරියක් පෙරළෙයි – දෙදෙනෙක් රෝහලේ

Admin