Colombo Today Local News

හෙට සිට ලබන 30 වැනිදා දක්වා නව මාර්ගෝපදේශ

හෙට (16) සිට ලබන 30 වැනිදා දක්වා ක්‍රියාත්මක කළ යුතු සංශෝධිත සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද නිකුත් කර තිබේ.

නිසි බලධාරීයාගෙන් ලබා ගන්නා අවසරයකින් තොරව නව රෙගුලාසිවලට අනුව මහජන ඒකරාශී වීම්,රැස්වීම් හා උත්සව සඳහා නැවත දැනුම් දෙන තුරු අවසර හිමිවන්නේ නැහැ.

ඒ අනුව පෞද්ගලික ඒකරාශීවීම් වලදී ශාලාවක ධාරිතාවෙන් තුනෙන් එකකට අවසර හිමිවන අතර එය පුද්ගලයින් 100 නොඉක්මවිය යුතුයි.

පෞද්ගලික නිවසක නම් රැස්විය හැකි උපරිම පුද්ගලයින් සංඛ්‍යාව 10 කි.

එළිමහන් පෞද්ගලික ඒකරාශී වීම් සඳහා අවසර නැහැ.

නව මාර්ගෝපදේශවලට අනුව කටයුතු නොකරන පුද්ගලයින් හා ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එහි දැක්වේ.

ආගමික ස්ථානවල තනි තනිව වැඳුම් පිදුම් කිරීමට අවසර හිමියි.

විශේෂ උත්සව,යාඥා මෙහෙයන් සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නව මාර්ගෝපදේශවලට අනුකූලව සිදු කළ යුතු වේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති සඳහා පමණක් උපකාරක පන්ති සියයට 50 ක ධාරිතාවයකින් පවත්වා ගෙන යා හැකියි.

අවමංගල්‍ය උත්සව සිරුර මුදා හැර පැය 24 ක් ඇතුළත සිදුකළ යුතු අතර එක් වරකට සිටිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 20 කි.

විවාම මංගල උත්සව සඳහා සියයට නොවැඩි පිරිසකට සහභාගි විය හැකි අතර එළිමහන් මංගල සාද සඳහා 150 කට සහභාගි විය හැකියි. එහෙත් මත්පැන් භාවිතය සඳහා අවසර නැහැ.

නරඹන්නන් නොමැතිව ක්‍රිඩා ක්‍රියාකාරකම් සඳහා අවසර හිමියි.

සිනමා හල් හා රංග ශාලා සියයට 50 ක ධාරිතායෙන් පවත්වා ගත හැකි වේ.

Related posts

ජයන්ත ද සිල්වාට සහ ජෙනරල් දයා රත්නායකට ලේකම් ධූර දෙකක්

colombotoday

අද ගෑස් ලබා ගත හැකි වෙළෙදසැල් මෙන්න

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කරනවාද? – තීරණය අනිද්දා

colombotoday

2020 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

තිරිගු පිටි ගැටළුව සම්බන්ධයෙන් මුදල් කමිටුවෙන් විගණකාධිපතිට නියෝගයක්

Admin

“ඔබේ ජයග්‍රහණයෙන් දේශීයත්වය පදනම් වු පාලනයකට ඇති නව නැඹුරුතාවය පෙන්වනවා” බ්‍රිතාන්‍ය අගමැතිට සුභපතමින් ජනපති කියයි.

colombotoday