Colombo Today Local News

නරක්වූ සහල් කිලෝ 75,000ක්‌ පොළොන්නරුවේ ගබඩාවකින් මතුවේ

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 75,000 ක තොගයක්‌ පෙරේදා (12 දා) සවස පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි සහල් මෝලක ගබඩාවක තිබී මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සහල් තොගය වෙළෙඳ සල්වලට බෙදා හැරීම සඳහා සූදානම් කරමින් තිබූ බවද එම නිලධාරීහු පැවසූහ.

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට ලද තොරතුරක්‌ මත අදාළ සහල් මෝල වටලා සිදුකළ විමර්ශනවලදී එම සහල් ගුල්ලන් සහ පණු කැදලි සහිතව තිබූ බව පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු, මෙම සහල් තොගය මේ වන විට සීල් තබා ඇති බවත් එහි සහල් සාම්පල රජයේ රස පරික්‍ෂකවරයා වෙත යෑවීමට පියවර ගත් බවත් හෙතෙම කීය.

පොළොන්නරුව දිස්‌ත්‍රික්‌ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සුනිල් ජයවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ ජයන්තිපුර මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඩී. එම්. එස්‌. එස්‌. අමරසූරිය. තඹාල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ඊ. ඒ. නුවන් ප්‍රබෝධන, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එස්‌. ඩී. බාලචන්ද්‍ර, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නෙවිල් වික්‍රමසිංහ යන මහත්වරුන් විසින් මෙම වැටලීම සිදු කළහ.

Related posts

එජාපයෙන් 15ක් සන්ධානයට – මුතුහෙට්ටිගම

colombotoday

ආයෝජකයින්ට පහසුකම් සැලසීමට කාර්ය සාධක බළකා 7ක් – සේවා ආයතන 54ක්

Admin

මෝටර් රක්ෂණ වන්දි නොගෙවා Allianz Insurance සමාගමෙන් පොල්ලක්

colombotoday

නිදහස් කල සිරකරුවන් අතර “සිංහල කොටි” පස්දෙනෙක්

colombotoday

2021 දක්වා, අවුරුදු හයම ඉන්න පුලුවන්දැයි ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අසයි…

colombotoday

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට අනුමැතිය

Admin