Colombo Today Local News

කට්ටි පැන්න සිරිල් පුජකතුමා අද සි.අයි.ඩි.යට

රාජ්‍ය බුද්ධි සේවගේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද (15)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තතමේන්තුව හමුවේ පෙනී සිටිමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සිද්ධියටම අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද 15 පෙරවරු 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක අංක 1 ට පැමිණෙන ලෙසට දැනුම් දීමක් කළ බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙයට පෙර අවස්ථා දෙකකදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිරිල් ගාමිණී පියතුමන්ව ප්‍රකාශ ලබා ගැනීම සඳහා කැදවූත් එතුමා එම දෙපාර්තමේන්තුව හමුවට පැමිණීයේ නැත.

තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි සඳහන් කරමින් එය වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමා ඉකුත් නොවැම්බර් 02 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළහ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පෙත්සම ඉකුත් 08 වෙනිදා සළකා බලමු ලැබූ අතර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ සිරිල් ගාමිණී පියතුමන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බවය.

Related posts

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම් අදින් අවසන්

colombotoday

Covid 19ට එරෙහි සටනේදී ‘චීනය තම සැබෑ මිතුරන්’ හඳුනා ගත්තා – ශ්‍රී ලංකාවේ චීන තානාපති

colombotoday

ගුරු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට කැබිනට් අනුමැතිය..!!

colombotoday

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

Admin

මංගල – ජෝන් කෙරී ගිවිසුමෙන් ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතල අනතුරක !

colombotoday

“වැට් බදු ගෙවන්න බැරිනම් දුරකථන ඕෆ් කර දමන්න“ – ඇමති රාජිත

colombotoday