Colombo Today Local News

“බැසිල් කීවේ රාජ්‍ය සේවකයා රටට බරක් බව නෙවෙයි” – ඇමති ඩලස් කියයි

රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයා රටට බරක් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ නොකළ බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මුදල් ඇමතිවරයා තම ප්‍රකාශයෙන් අදහස් කළේ දේශපාලනඥයන් විසින් රාජ්‍ය ආයතනවලට අනවශ්‍ය ලෙස සේවකයන් පුරවා තිබීම නිසා අර්බුදයකට මුහුණ පා තිබෙන බව යැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

සෑම ආණ්ඩුවක්ම අවිධිමත් දේශපාලන තීන්දු ගෙන මනාප ලබාගැනීම වෙනුවෙන් ඉවක් බවක් නැතිව රාජ්‍ය ආයතන පුරවා ඇතැයි කී ඇමතිවරයා ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඇමතිවරයාගෙන් ඇමතිවරයාට රාජ්‍ය ආයතන පුරවාගැනීම දේශපාලන සංස්කෘතියේ මජර ගතියක් බව ද කීවේය.

ඒ නිසා රාජ්‍ය ආයතන අර්බුදයකට මුහුණ පා ඇතැයි කී අලහප්පෙරුම මහතා කෝප් වාර්තා අනුවත් එය තහවුරු වන බව පැවසීය.

මුදල් ඇමතිවරයා කීවේ ඒ බර ගැන මිස රාජ්‍ය සේවය උහුලාගන්න බැරි බවක් නොවේ යැයි ද ඇමතිවරයා කීය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය මෙවර අයවැයෙන් විසඳූ බව කී අලහප්පෙරුම මහතා සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩිකිරීමට කැමැත්තක් තිබුණත් ආර්ථික අපහසුතා නිසා එසේ කිරීමට නොහැකි වූ බව ද පැවසීය.

Related posts

මේ වසරේ ඖෂධ මිල දී ගැනීමට මුදල් වෙන්කරන බව ජනපති කියයි

Admin

නිදහස ලැබූ ඥාණසාර හිමිට නිදහසක් නෑ – අදත් නඩු තුනක් විභාගයට – එක් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි

colombotoday

ජනතාව පත්ව ඇති දුෂ්කරතාව පිළිබඳ රජය ඉතාම සංවේදී

colombotoday

11 දෙනෙකු අතුරුදහන් කිරීමේ නඩුවේ පැමිණිලිකරු චුදිත වෙන ලකුණු. කරන්නාගොඩට CID සිතාසිත් ලැබී නෑ.

colombotoday

“අද හෙට විශ්වාසභංගය පරාජය කරන්න කොළඹ ඉන්න” | ජනපති අගමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දන්වයි.

colombotoday

අගවිනිසුරු කේ. ශ්‍රී පවන් 28 දා විශ්‍රාම යයි

colombotoday