Colombo Today Local News

දේපල තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට අල්ලස් අධිකරණ රෙජිස්ට්‍රාර්වරියක් අත්අඩංගුවට

අධිකරණ නියෝග මත දේපල තහනම් කිරීමේ වෙන්දේසියක් කඩිනමින් සිදුකිරීමට අල්ලස් වශයෙන් රුපියල් 10,000ක මුදලක් විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකුගෙන් ඉල්ලා ලබාගත් බව කියන තෙල්දෙණීය දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය අද (17)දින තෙල්දෙණීයේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුගස්තොට, මහනුවර පදිංචි තැනැත්තියක බව ද ඔහු සදහන් කරයි.

මැදමහනුවර පදිංචි විශ්‍රාමික නාවික හමුදා නිලධාරියකුගේ පැමිණීල්ලකට අදාළව කළ වැටලීමකදි නුවර මහියංගනය පාර තෙල්දෙණීය මහජන බැංකුව ඉදිරිපිට ඇගලුම් සාප්පුවක් ඉදිරිපිට මාර්ගයේදී අද (17) සවස අදාළ අල්ලස් මුදල ලබාගනිද්දී මෙම අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කරයි.

මෙම සැකකරු හෙට (18)දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

රු.5000කට බෝම්බයක් විකුණන්න හැදූ අයෙක් පොලිස් දැලේ

colombotoday

හෝටලයකට ගත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය යළි පවරාගනියි

colombotoday

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී

colombotoday

ගණකාධිකාරී ඩිප්ලෝමා සිසුන්ට පන්න පන්නා පොලිසියෙන් ප්‍රහාර

colombotoday

කෝටියක හෙරොයින් පාර්සල් කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

ගෝඨා අත්අඩංගුවට ගැනීමට සූදානම්.. ඉහළින් නියෝගය ලැබෙන තුරු FCID සීරුවෙන් !!

colombotoday