Covid 19

බූස්ටර් එන්නත ලැබෙන හැටි මෙන්න

අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට කොරෝනා බූස්ටර් එන්නත ලබාදීමේ කටයුතු අද ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය.

ඔහු කියා සිටියේ, ඒ අනුව බස්නාහිර, දකුණ යන පළාත්වලත්, අනුරාධපුරය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලත් මෙම කටයුතු ආරම්භ කරන බවයි.

එසේම පුද්ගලයින් 120,485 දෙනෙකුට මේ වනවිට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දී තිබේ.

පාසල් සිසුන් ලක්ෂ 10කට මේ වනවිට ෆයිසර් එන්නත ලබා දී අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේය..

මේ වනවිට පුද්ගලයින් 15,883,630 දෙනෙකුට කුමන හෝ කොරෝනා එන්නතක පළමු මාත්‍රාව ලබා දී ඇති අතර, මාත්‍රා දෙක ම ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 13,674,957ක්.

Related posts

තවත් කොවිඩ් ආසාදිතයින් 15ක්

Admin

තහවුරු වූ තවත් කොවිඩ් මරණ 63ක් | සමස්ත මරණ ගණන 4258ක් දක්වා ඉහළට

colombotoday

වව්නියාව මූලික රෝහලේ මතුවූ කොවිඩ් අවදානම

colombotoday

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිත මරණ 03ක්

colombotoday

ඩෙල්ටා රෝගියෙක් සිටි කොග්ගල ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 14කට කොවිඩ්

colombotoday

බස්නාහිරින් පිටවෙන්න ගිය තවත් 13කට කොවිඩ්

colombotoday