World

ජකර්තා ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් බාරගනී

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරට ඊයේ පෙරවරුවේ එල්ලකල බෝම්බ ප්‍රහාර මාලාවේ වගකීම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් බාරගත් බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම ප්‍රහාරයට පැමිණි ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් තිදෙනෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් දෙදෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගනිමින් ජීවිතක්ෂයට පත්ව තිබේ. එමෙන්ම, තවත් පුද්ගලයන් දෙදෙනෙකුද මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, තුවාල ලැබූවන් කිහිප දෙනෙක්ම වූහ.

අවන්හලක්, සිනමා ශාලාවක් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ගොඩනැගිල්ලක්ද ප්‍රහාරකයන්ගේ ඉලක්ක වී තිබුණු අතර, ප්‍රහාරය අවස්ථාවේදී ජකර්තා අගනුවරම එකම යුද පිටියක් බවට පත්ව තිබුණි.

එහිදී, ප්‍රහාරකයන් සමග පොලීසිය වෙඩි හුවමාරු සිදුකළ අතර, මේ වනවිට නගරය සන්සුන් බවත්, නගරයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් හා හමුදා බලඇණි යොදවා ඇති බවත් ඉන්දුනීසියානු රජය පවසයි.

Related posts

කොරියාවේ අගනුවර ගංවතුරෙන් 9ක් මරුට

colombotoday

කේරළ ප්‍රාන්තයේ නාය යාමෙන් මියගිය ගණන ඉහළට

colombotoday

රුසියාවෙන් දරුණු ගුවන් ප්‍රහාර – සිරියාවේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් සියයකට වඩා මරා දමයි

colombotoday

මුස්ලිම් ජාතිකයන්ට පුරවැසිභාවය නොදෙන ඉන්දීය නිතිය ජනපති අත්සනින් ගැසට් කරයි

colombotoday

නොමිලේ හද වටේ රවුමක් යන්න 08දෙනෙකුට අවසථාව

colombotoday

Muslim Brotherhood සාමාජිකයින් 24කට මරණ දඩුවම.

colombotoday