Colombo Today Local News

පුපුරණ ද්‍රව්‍ය කූරු 7,990ක් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (20)දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධි වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු තොගයක් සඟවා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වෝටර් ජෙල් (Water Gel) නැමති එම පුපුරණ ද්‍රව්‍ය කූරු 7,990ක් සැකකරුවන් සතුව තිබි හමුව තිබේ.

එම පුපුරණ ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝ 998 ග්‍රෑම් 750ක් බව සඳහන් වේ.

මෙම පුපුරණ ද්‍රව්‍ය නීති වි‍රෝධීව මසුන් ඇල්ලීම සඳහා යොදා ගැනීමට මෙලෙස සඟවා තබන්නට ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 54 සහ 57 වයස් වල පසුවන මන්නාරම ශාන්තිපුරම් සහ වංකාලේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ.

ඉදිරි විමර්ශන කටයුතු නාවික හමුදාව සහ මන්නාරම පොලීසිය මඟින් සිදුකරයි.

Related posts

පෙම දෙදරායෑමෙන් දිවි නසාගත් තරුණයාට කොවිඩ්

colombotoday

හදිසි නීති රෙගුලාසීවලට අදාළ විවාදය ලබන සඳුදා

colombotoday

“මහින්දට ආරක්ෂාව මදිනම් ගෙදරට වෙලා දොර වහන් ඉන්න කියන්න“ – ෆොන්සේකා

colombotoday

රනිල්ගේ නායකත්වය තවත් වසරකින් දිගු වෙයි…

colombotoday

මහා පරිමාණ දූෂණයක් ගැන අහන්න පබාත් කැඳවයි

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කල අශොක් අබේසිංහ සීඅයිඩියට

colombotoday