Colombo Today Local News

රාජ්‍ය ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

රජයේ ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පැහැදිලි කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව එම චක්‍රලේඛය නිකුත් කර ඇත.

එම චක්‍රලේඛය අනුව, රාජ්‍ය ආයතන වෙත නිලධාරීන් කැඳවීමේ දී ගර්භණී නිලධාරිනියන්, කිරි දෙන මව්වරුවන් හා විශේෂ රෝගාබාධවලින් පෙළෙන නිලධාරීන් සේවයට නොකැඳවීමට කටයුතු කළ යුතුය.

එවැනි නිලධාරීන් සේවයට කැඳවීම අත්‍යවශ්‍ය අවස්ථාවල දී පමණක් සිදුකළ යුතු අතර එවැනි අවස්ථාවන්හිදී සේවයට පැමිණීමට හා පිටවීමට විශේෂ කාල සීමාවක් ලබාදීමටත් විශේෂ පහසුකම් ලබාදීමටත් කටයුතු කළ යුතුය.

නිසි සෞඛ්‍ය උපදෙස් අනුමනය කරමින් ආයතනික කාර්ය මණ්ඩල මෙන්ම සේවාලාභීන් ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් වළක්වා ගනිමින් සේවා සැපයීමේ වගකීම ආයතන ප්‍රධානීන් වෙත පැවරේ.

ඒ අනුව අවශ්‍ය වන්නේ නම් තම සේවකයින් කණ්ඩායම්වලට බෙදා එම කණ්ඩයම්වල සිටින සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් කිසියම් දුරකට එම කණ්ඩායමට පමණක් සීමා වන පරිදි සිදුකිරීම හා හැකි සෑම අවස්ථාවල දී ම අංශ අතර සංචරණය හා එකතුවීම අවම වන ලෙස කටයුතු කිරීමට ආයතන ප්‍රධානීන් ට වගකීම පවරා තිබේ.

නිකුත් කරන ලද සම්පුර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.

Related posts

බ්‍රහස්පතින්දා ඡායා චන්ද්‍රගහණයක්

colombotoday

තවත් ආක්‍රමණිකයෙක් දිඹුලාගලින් හමුවෙයි… වී වගාවටත් බැට දෙයි…

colombotoday

වැලිකඩ බන්ධනාගාරයට ඉගිළෙන තහනම් පාර්සල්

colombotoday

වනවාසලදී රු. මිලියන 20 කට අධික මුදලක් හා පිස්තෝලයක් සමග අයෙක් STF භාරයට.

colombotoday

මුතුරාජවෙල ගොඩ කිරීමේ තීරණය තාවකාලිකව අත්හිටුවයි?

Admin

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරයි ?

colombotoday