Colombo Today Local News

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් ගෑස් පිපිරීම් ගැන නිවේදනයක්

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත බලය ලබා දී ඇත්තේ LPG රහිත ගෑස් සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට පමණක් බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

එසේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සියලුම ප්‍රමිතීන් ස්වේච්ඡා ප්‍රමිතීන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර කිසිදු ප්‍රමිතියක් අනිවාර්ය කිරීමට එම ආයතනයට බලයක් නොමැති බවද එහි සඳහන්ව තිබේ.

මේ අතර කපාට, රේගියුලේටර් සහ නම්‍යශීලී හෝස් සඳහා නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූල වීම අනිවාර්ය කර ඇති අතර එහි අනුකූලතාව නිරීක්ෂණය කිරීම පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ වගකීම බව ද එම නිවේදනයෙන් ප්‍රකාශ කර ඇත.

Related posts

කූට වෙළෙදුන්ගේ ප්‍රයන්තය පරාදයි. රටේ කසිදු ආහාර ද්‍රව්‍ය හිඟයක් නැහැ

colombotoday

ඉන්දියාවට නොයා බුදුන් උපන් දේශය වන්දනා කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව…

colombotoday

සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා යෑමේ අවදානමක්

colombotoday

නීතිවිරෝධී සංක්‍රමණිකයෝ 35ක් පානදුර මුහුදෙදී අත්අඩංගුවට

colombotoday

වැලිගමින් පිළිකා කාරක අඩංගු පරිප්පු කිලෝ 3150ක් හමුවෙයි

colombotoday

මීගවුව උසාවිය අසල වෙඩි සෙල්ලම් දැමූ දෙදනා මාට්ටු

colombotoday