Colombo Today Local News

නීතිවිරෝධීව මුදල් තොගයක් ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු කටුනායකදී මාට්ටු

නීතිවිරෝධීව මුදල් තොගයක් ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එම මුදල් තොගය තුළ ඇමෙරිකානු ඩොලර් 20,000 සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 10 ක්‌ අඩංගුව තිබූ බවත් එම මුදල් තොගයේ මුළු වටිනාකම රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂ හැට දහසක් වන බව කටුනායක රේගුව පවසයි.

ඩුබායි බලා පිටත් වීමට පැමිණි අදාළ ගුවන් මගියා ගමන් මල්ලක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා මෙම මුදල් තොගය රැගෙන යාමට උත්සාහ කර ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පදිංචි 27 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

Related posts

සරසවි යළි ඇරඹීමට තීරණයක්

colombotoday

“විශ්වාසභංග සීයක් ගෙනාවත් පරද්දනවනම් බොරු.. බහුතරය අපටයි” – ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති

colombotoday

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday

මෙරටට ඇතුළුවන ගුවන් සමාගම් ගොඩබෑමේ හා නවතා තැබීමේ ගාස්තුවලින් තාවකාලිකව නිදහස්

colombotoday

බන්ධනාගාරගත රැඳවියන්ට Sanitizer භාවිතය තහනම් කරයි

colombotoday

දිස්ත්‍රික්ක දෙකකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin