Colombo Today Local News

මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතුයි

ලියන දේවල් ගැන මාධ්‍යවේදීන් පොලිසියට ගෙන්වා ප්‍රශ්න කිරීම නොකළ යුතු බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද(25) දින පැවැසීය.

ප්‍රශ්නයක් තිබේ නම් මාධ්‍යවේදීන් ළඟට ගොස් විමසීමක් කිරීම සුදුසු බවද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනමාධ්‍ය මාත්‍යාංශය සහ කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍යාංශය යන ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

තමන්ට ලැබෙන තොරතුරක් හෙළි නොකිරීමට මාධ්‍යවේදීන්ට වගකීමක් ඇති බවත් මාධ්‍යකරුවාට ඇති ඒ අයිතිය පිළිගත යුතු බවත් යාපා මහතා කීවේය.

ජනමාධ්‍යකරුවා විවේචනය කරනවාට වඩා ඔහු ඉදිරිපත් කර ඇති කරුණුවලට සාධාරණ ලෙස පිළිතුරු දීමේ හැකියාව වර්ධනය කර ගත යුතු බව පැවසූ මන්ත්‍රීවරයා සමාජ මාධ්‍ය නවත්වාලිය යුතු දෙයක් නොවන බවද ප්‍රකාශ කළේය.

Related posts

මිල්කෝ සභාපති ධූරය ජනක ධර්මකීර්තිට

Admin

කදුකරයට මහ වැසි ඇදහැළෙයි… ලක්ෂපානේ වාන් දොරටු 2ක් විවෘත කෙරේ…

colombotoday

කබීර් හෂීම් ඉල්ලා අස්වෙයි.. රනිල් ඉවත්කර තාවකාලික නායකත්වයට කරු !!!

colombotoday

නීති විරෝධීව වාහන එකලස් කළ සැකකරුවෙකු අංක තහඩු 12ක් සමග අත්අඩංගුවට

colombotoday

සීදුවට පොලිස් ඇඳිරි නීතිය

colombotoday

සම්බුදු උපත සැපතකි

colombotoday