Colombo Today Local News

කින්නියා නගරාධිපති රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් කින්නියා නගරාධිපතිවරයා දෙසැම්බර් මස 09 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා නගරාධිපතිවරයා පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් පාලම් පාරුවේ ක්‍රියාකරුවන් දෙදෙනා සහ එහි හිමිකරු දෙසැම්බර් මස 08වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.

Related posts

විශ්වාසභංගයෙන් පසු පාර්ලිමේන්තුවේදී තිලංග-නවීන් ගැටෙයි

colombotoday

හරක් කටා රක්ෂිත බන්ධනාගාරයට

Admin

පොලු පහරකින් දියණිය පියාව මරා දාලා

Admin

ශ්‍රී ලංකාව ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවට සුදුසුකම් ලබයි

colombotoday

යකඩ මිල ගණන් 50% කින් පහළට

Admin

ගෑස් නියාමනය කිරීමේ බලය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට

colombotoday