Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරමුන් 218දෙනෙකුගේ වත්කම් රජයට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති වත්කම් රාජසන්තක කිරීමට අදාළ පුද්ගලයන් දෙසිය දහඅට දෙනකුගේ තොරතුරු මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් නීතිවිරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාසයට යොමු කර ඇත.

මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන විමර්ශනය කිරීමේදී පැවරුණු නඩු හැත්තෑ පහක දී මෙම පුද්ගලයන් සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබේ.

මුදල්, ඉඩම්, වාහන, රත්තරං, ආයෝජනය කිරීමේදී ඒ සඳහා එම මුදල් යොදවා ඇති අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම නීතිවිරෝධී වත්කම් පවරා ගැනීම සඳහා එම ඒකකය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මේ ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් අසීමිත ලෙස මුදල් හා වත්කම් රැස් කළ දෙමටගොඩ රුවන්ට අයත් රත්ත්‍රං, වාහන අටක්, මුදල් පසුගියදා නීතිවිරෝධී වත්කම් හෝ දේපොළ විමර්ශන කොට්ඨාස වෙත පවරාගෙන ඔහුට එරෙහිව නඩු පවරා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Related posts

ශ්‍රී ලාංකික පර්යේෂිකාවක් අධි තාක්ෂණියෙන් යුතු ත්‍රිත්ව ලෝහ වෙඩි නොවදින නව ඇඳුමක් නිර්මාණය කරයි.

colombotoday

බෞද්ධ මර්ධනයට එ‍රෙහිව හිමිවරුන් මාරාන්තික උපවාසයක.. මහියංගනය රත් වෙයි

colombotoday

අගමැති බංග්ලාදේශය බලා පිටත්ව යයි

colombotoday

සක්විති රණසිංහට ඇප නියමවේ

colombotoday

ශ්‍රී ලංකාවට 900 – 1000 Km අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක්

Admin

රුවන් විජයවර්ධන ප්‍රංශ තානාපති හමුවෙයි

Admin