Colombo Today Local News

කොළඹ, කොටුවේ ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මරුට

කොළඹ, කොටුවේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලකින් වැටී නාවික හමුදා සෙබළෙක් මියගොස් තිබේ.

බාරොන් ජයතිලක මාවතේ අලුත්වැඩියා කරමින් පවතින ගෆූර් ගොඩනැගිල්ලේ ඉහළ මාලයෙන් ඔහු ඇඳ වැටී ඇති බව පොලීසිය සඳහන් කරයි..

නාවික හමුදා ඉංජිනේරු බලකාය මගින් මෙම ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබයි.

බරපතල තුවාල ලැබූ නාවික හමුදා සෙබළා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ, 34 හැවිරිදි කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Related posts

අන්තවාදී ඉගැන්වීම් තිබූ ඉස්ලාම් පෙළපොත් නැවත මුද්‍රණයට. – ඇමති සුසිල්ගෙන් Colombo Today වෙත ප්‍රහාරයක්.

colombotoday

දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි – නිර්මාල්

colombotoday

විහිළු කතා නවතා දකුණේ උණ රෝගයට විසදුමක් දෙන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලයි

colombotoday

පරිසර ඇමති චන්ද්‍රසේනට බදියුදීන් වැහෙයි… කෝමාරිකා හිටවන්න විල්පත්තු රක්ෂිත මායිම වනසයි !

colombotoday

හරීන්ගේ තනතුර නලීන් බණ්ඩාරට

colombotoday

ලෙබනනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ලාංකික කාන්තාවක් මිය යයි

Admin