Colombo Today Local News

“පාලකයන් රටට අත්කර දුන් විනාශය ගැන සියලුම දෙනා බදා වැළඳගෙන හැඬිය යුතුයි”

පාලකයන් රටට අත්කර දුන් විනාශය ගැන හරි නම් සියලුම දෙනා බදා වැළඳගෙන හැඬිය යුතුයැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා (ජාජබ)පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

මෙතෙක් රට පාලනය කළ ආකාරය ගැන කාට හෝ උද්දාමයෙන් කතා කළ හැකිදැයි දිසානායක මහතා ප්‍රශ්න කළේය.

“ඩොලර් මිලියන තුන්දාස් හාරසීයක මුදලක් අද මහජන බැංකුවට සහ ලංකා බැංකුවට තෙල් සංස්ථාව ණය වී තිබෙනවා.අද අපට තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් බංකොළොත් වූ තෙල් සංස්ථාවක්. අප රටේ තෙල් ඒකාධිකාරිය තෙල් සංස්ථාව තිබිය යුතුයි.අප රටේ ජාතික ආරක්ෂාව ඒ මත රඳා සිටිනවා.දේශීයත්වය තවරාගත් මේ මහත්තුරු රාජ්‍ය තෙල් ඒකාධිකාරිය බිඳීම සඳහා දැන් කටයුතු කරමින් සිටිනවා”යනුවෙන් ද අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ.

Related posts

හෙට සුරාසැල් ඇරලා… 13-14 වහලා

Admin

කොටස් වෙළෙඳපොළේ තනි දිනක් තුළ විශාලම පිබිදීම අද

colombotoday

මහින්ද රාජපක්ෂ යළි අගමැති කරන්න කිසිදු ඉල්ලීමක් කර නැහැ – සාගර කාරියවසම්

Admin

“මට විදේශ ඇමතිකම ඕන, මුදල් ඇමතිකම එපා.. ඒක ඔයා ගන්න“ – මංගල මලික්ට කියලා

colombotoday

“පාර්ලිමේන්තුවේ 225ම හොරු නෙමේ.. “

colombotoday

ගංවතුර අනතුරු ඇඟවීම්

colombotoday