Colombo Today Local News

කොවිඩ් ආසාදනය වූ 60ට වැඩි අයට තෙවන මාත්‍රාව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පණිවිඩයක්

කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් අනතුරුව වෛරසය ආසාදනය වූ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් තෙවන මාත්‍රාව ලබා ගත යුත්තේ වයිරසය ආසාදනය වී මාස හයකින් පසුව බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඊට අදාළ චක්‍රලේඛය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අත්සනින් යුතුව පසුගිය 26 වැනිදා නිකුත් කෙරිණි.

දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් අනතුරුව වවෛරසය ආසාදනය නොවූ පුද්ගලයින් දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන සම්පූර්ණ කළ පසු තෙවැනි මාත්‍රාව ලැබීමට සුදුසුකම් ලබන බවද එම චක්‍රලේඛයේ දැක්වේ.

කොවිඩ් මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත ලබා දෙන අතර වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එම එන්නත සෑම දිස්ත්‍රික්කයකදීම ලබාදීම පසුගිය 27 වැනිදා සිට ආරම්භ කෙරිණි. සෑම දිස්ත්‍රික්කයකම රෝහල්වල සහ තෝරාගත් ස්ථානවලදී මෙම එන්නත් ලබා දීම සිදු කෙරේ.

Related posts

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ‘රා’ වලට ප්‍රමිතියක්

colombotoday

2020 ගෝඨාභය පරද්දන හැටි කතා කරන්න මෛත්‍රී – රාජිත රහස් සාකච්ඡාවක් !

colombotoday

සිමෙන්ති මිල රුපියල් 350කින් ඉහළ යයි

Admin

කොමදෝරු ඩී.කේ.පී දසනායක රිමාන්ඩ් කරයි !

colombotoday

ඩුබායි නිපුනගේ අනියම් බිරිඳ කුඩු සහ ලක්ෂ 21ක් සමග අත්අඩංගුවට

colombotoday

13 එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරොත් රට අවුලෙන් අවුලට…

colombotoday