Colombo Today Local News

මත්පැන් සාදය අවසානයේ සූපවේදියෙක් පඩිපෙළින් වැටී මියගිහින්

මීගමුව කෙලින් වීදිය ප්‍රදේශයේ හෝටලයක පැවති පැති මත්පැන් සාදයකින් අනතුරුව එහි සූපවේදියකු පඩිපෙළකින් වැටී මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙම හෝටලයට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් එහි කළමනාකාරීත්වය විසින් මත්පැන් සාදයක් පවත්වා ඇති අතර මත්පැන් සාදය අතරතුර මෙම සූපවේදියා ඔහු නවාතැන් ගෙන සිටි හතරවැනි මහලේ කාමරය වෙත පඩිපෙලෙන් නැග යමින් සිටියදී ඔහු පඩිපෙලෙන් වැටි හිසට බරපතළ තුවාල ලබා මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. මීගමුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි

Related posts

අති බිහිසුණු මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියානුවෙක් මෙරටට ගෙන්වයි !!

colombotoday

මැයි 9 බේරේ වැව අසලදී පහරදීමට ලක්වූ අයෙක් මියයයි

colombotoday

සහරාන් හා අබුසාලී සමඟ සබදතා පැවැත්වු තවත් අයෙක් STF අත්අඩංගුවට

colombotoday

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රාජ්‍ය ආයතන ලක්ෂ 90ක් ණයයි

colombotoday

අත්‍යවශ්‍ය භාණ්ඩ අඛණ්ඩව සැපයීමට පිටකොටුවේ තොග වෙළදසැල් විවෘත කරයි

colombotoday

ගවයන් බදින්න ගිය දෙදරු පියකුගේ මළ සිරුර මාළු දැලක පැටලි එයි

colombotoday