World

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි ඉවත්වෙයි

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

“අවසානයේදී මට යන්න වෙලාව හරි” නිවේදනයක් නිකුත්කරමින් ඔහු පැවසීය.

2006 වසරේදී නිර්මාණය කළ ට්විටර් සමාගමේ සහ ස්ක්වෙයාර් නම් ගෙවීම් සිදුකරන සමාගමේද ප්‍රධාන විධායකයා ලෙස කටයුතු කළේය.

45 හැවිරිදි ජැක් ඩොර්සි, 2006 වසරේදී බිස් ස්ටෝන්, එවාන් විලියම්ස් සහ නොආ ග්ලාස් සමග එක්ව ට්විටර් සමාගම නිර්මාණය කළේය.

ඔහුගෙන් හිස් වන තනතුර සඳහා දැනට එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කරන පරාග් අග්‍රවාල් පත්වීමට නියමිතය.

Related posts

හැරී පොටර් නළු Michael Gambon මිය යයි

Admin

උරුම වනසන තලිබාන්වරු

Admin

මූල්‍ය වංචාවකට වරදකරු වූ ආර්ජන්ටිනාවේ උපජනාධිපතිනියට වසර 6ක සිර දඬුවම්

Admin

මූල්‍යමය දූෂණ චෝදනා සම්බන්ධයෙන් මැලේසියානු හිටපු අගමැතිට වසර 12ක සිර දඬුවමක්

colombotoday

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින කිරුළ අත්හරී

Admin

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට ලෝකයේම එකඟවෙයි

Admin