Colombo Today Local News

“ඔමික්‍රෝන් සැර කොරෝනා වෛරසය ලංකාවේ තිබෙනවාදැයි තවම සහතික කර කියන්න බෑ”

ශ්‍රි ලංකාවේ ඔමික්‍රෝන් සැර කොරෝනා වෛරස් ප්‍රභේදය තිබෙනවා දැයි තවම සහතික කර කිව නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඊට අදාළ ජාන අනුක්‍රමණ පරීක්ෂණ දිගටම කරගෙන යන බවත් ඒවායේ ප්‍රතිඵල ලැබෙන තුරු තමාට කිසිම වචනයක් ප්‍රකාශ කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කරයි.

නව සැර කොරෝනා ප්‍රභේදවලින් ගැලවීමට ඇති එකම මාර්ගය එන්නත්කරණය බවද විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

මට වචනයක් කියන්න බෑ ඒ ගැන. මොකද තවම අපේ රටේ පසුගිය කාලසීමාව තුළ නොකඩවාම පරීක්ෂණ කරගෙන යනවා. ඒ එකකින් හමුවන තෙක් අපිට සහතික කරලා කියන්න පුළුවන්කමක් නෑ.”

Related posts

RMV සතියට දවස් දෙකක් වැඩ නෑ

colombotoday

විමල් වෙනුවෙන් ඇපෑලක්…

colombotoday

වංචා දූෂණ තොගයක් මාට්ටුයි.. කට හෙල්ලුවොත් ඩිලාන් හාන්සියි

colombotoday

මිනුවන්ගොඩ ඝාතනයට අදාළව තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි. – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා

colombotoday

“පොලිතින් එපා” ආණ්ඩුකාරවරයා බදුල්ලේ ජනතාව දැනුවත් කරයි.

colombotoday