Colombo Today Local News

“නව පනතින් ස්වාධීන නිදහස් භික්‍ෂු සමාජයක් ගොඩනැගෙනවා… ඊට අකුල්හෙළන්නේ අන්තවාදීන්“ – බෙල්ලන්විල හිමි

බෙල්ලන්විල විමලරතන නාහිමිරජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති භික්ෂු කතිකාවත් කෙටුම්පත සම්බන්ධයෙන් කිසිවකු හුඹස් බියක් ඇතිකර නොගත යුතු බවත් එම පනත හරහා භික්ෂු සමාජයට අනන්‍ය වූ නිදහස්, ස්වාධීන පාලන ක්‍රමයක්, පද්ධතියක්, නෛතික ක්‍රමවේදයක් සකස් වන බවත්, ඒ පිළිබදව මත පතුරවමින් විෂබීජ දමන්නේ අන්තවාදී ජාතිවාදීන් බවත් බෙල්ලන්විල විමලරතන නාහිමියන් පවසයි.

පෙරේදා (16) දා ආණමඩුවේදී පැවති උත්සවයක් අමතමින් උන්වහන්සේ පැවසුවේ,

පසුගිය කාලයේ රටේ ඇති සියලු නිකායවල මහනාහිමිවරුන් ඒකරාශි වී අප සංඝ සමාජයට බලවත් අඩුපාඩුවක්‌ව පැවැති මෙම භික්‍ෂු කතිකාවත සකස්‌ කර චන්ද්‍රිකා රජයටත් මහින්ද රාජපක්‍ෂ රජයටත් ඉදිරිපත් කළා. යම් යම් හේතු පෙන්වමින් ඔවුන් කල් මරමින් භික්‍ෂු සංඝයාට වැදගත් වන මෙම කෙටුම්පත නොසලකා හැරියා. අප මහ නාහිමිවරුන් මින් අදහස්‌ කළේ දැනට ගිහි සමාජයට බලපාන නීති රීති පද්ධතිය තුළ භික්‍ෂු සංඝයාට ඇති බලපෑම්, ගැටලු අවම කොට භික්‍ෂූන් සඳහා වෙනම නෛතික රාමුවක්‌ තනා ගැනීමයි. මෙය වැඩි සම්මතයෙන් පාර්ලිමේන්තුවෙන් පවා අනුමත විය යුතුය. අප භික්‍ෂු සමාජයට පිටතින් පැමිණෙන ඕනෑම බලවේගයක්‌ මැඬපවත්වා ගැනීමටත් මෙමගිsන් ඉඩ ප්‍රස්‌ථාව සැලසෙනවා.

එසේ තිබියදී ඇතැම් හිමිවරුන් විවිධ අන්තවාදී ජාතිවාදී අදහස්‌ රට තුළ වපුරනවා. එවැනි අයත් භික්‍ෂූන් වහන්සේලා අතරේ සිවුරු පොරවා සිටින්නට පුළුවන්. ඔවුනට කියන්නේ පැහැදිලිව කෙටුම්පත කියවා බලා අවබෝධ කරගන්නා ලෙසයි.

යනුවෙන්ද පැවසීය.

Related posts

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

colombotoday

සිංහල භාෂා පළාත් 7යි.. දෙමළ පළාත් 2යි – අළුත් ව්‍යවස්ථාව හැදෙන හැටි සම්බන්ධන් කියයි

colombotoday

දකුණු ආසියාවේ වේගත්ම මිනිසා සහ කාන්තාව ශ්‍රී ලංකාවෙන්

colombotoday

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Admin

මිලියන 200ක මැන්ඩි නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගයක් හසු වෙයි

colombotoday

ඊයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්

colombotoday