Colombo Today Local News

චෝදනා තහවුරුවුණොත් දියවන්නාවේ ‘නාකි විසේකාරයන්ට’ දැඩි පියවර – කථානායක නිවේදනය කරයි

naaki manamalayoපාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී ජ්‍යේෂඨ මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරියන්ට සිදුවූ බව කියන ලිංගික අඩන්තේට්ටම් පිළිබදව යම් පැමිණිල්ලක් වෙතොත් වහාම කථානායක වරයාට පැමිණිලි කරන ලෙසත්, එවැනි සිදුවීම් තහවුරු වුණහොත් තරාතිරම නොබලා උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත් කථානායක කාර්යාලය නිවේදනය කරයි.

එම නිවේදනයේ මෙසේ දැක්වෙයි.

“මෙම වාර්තාව පිළිබදව කථානායකතුමා දැඩි අවධානය යොමුකර ඇති අතර අද උදෑසනම ඉහත කාරණය පිළිබදව පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ වගකිවයුතු බලධාරීන් වෙත කිසියම් මන්ත්‍රීවරියක් විසින් කර තිබේදැයි විමසා බලන ලදි. දැනට එවන් පැමිණිල්ලක් එම කිසිවෙක් වෙත ලැබී නොමැත. එමෙන්ම කථානායකතුමා හෝ නියෝජ්‍ය කථානායකතුමා වෙත ද දැනට එවන් පැමිණිල්ලක් ලැබී නොමැති. කෙසේ වෙතත් මේ පිළිබදව තවදුරටත් සොයා බලනු ඇත.

එමෙන්ම උක්ත කරුණට අදාළ යම්කිසි පැමිණිල්ලක් වෙතොත් අදාළ මන්ත්‍රීවරියන්ට වහාම කථානායකතුමා වෙත පැමිණිලි කරන ලෙස දන්වා සිටින අතර එවන් අප්‍රසන්න සිදුවීමක් පිළිබදව කරුණු තහවුරු වුවහොත් පක්ෂය තරාතිරම නොබලා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කථානායකතුමා පසුබට නොවන බව ද වැඩිදුරටත් දන්වා සිටිනු ලැබේ”

Related posts

යුක්තියට තවත් 952ක් මාට්ටු

Admin

අල්ලස් කොමිසමට බාර දුන් වංචා, දූෂණ පැමිණිළි ලිපි ගොණු ආගිය අතක් නෑ…

colombotoday

මුස්ලිම් නීති සහමුලින්ම අහෝසි කරන්න. 69 ලක්ෂය ගොනාට අන්දන්න හදන්න එපා. – අලි සබ්‍රිගේ කැබිනට් පත්‍රිකාව ගැන සුදත්ත හිමියෝ කියති.

colombotoday

අපහාස කල චාපා බණ්ඩාරට වැඩ වරදියි. – මිලියන 500 ක් ගෙවන්න වෙන ලකුණු

colombotoday

බදියුදීන් මැගසින් බන්ධනාගාර ප‍්‍රධානීයාගෙන් සැප ඉල්ලයි

colombotoday

නිවසක් මතට පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙක් මිය යයි

Admin