Colombo Today Local News

ගෑස් රු 1,200කින් වැඩි කළ යුතුයැයි ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුවෙන් නිවේදනයක්

ලිට්‍රෝ ආයතනය පසුගිය මාස 9 තුළ මිල වැඩි නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 10,500ක අලාභයක් ලබා ඇතැයි ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව සඳහන් කර ඇත්තේ, ආයතනය මුල්‍යමය වශයෙන් දැඩි අසීරු තත්ත්වයකට පත්වී ඇති බවය.

නොවැම්බර් මාසය වන විට භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොඳුනහොත් ගෑස් ගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදාවෙන බව ද එම එකමුතුව සඳහන් කරයි.

ලෝක පොළෙඳ පොළේ ගෑස් මෙ.ටො එකක මිල අද (01)දින සිට ඇමෙරිකානු ඩොලර් 800ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.

එය ඍජුව 12.5kg සිලින්ඩරයට පරිවර්තනය කළ විට රු 2,021ක් වුවත් අද ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රු 1,493කට බවත් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව අවධාරණය කරයි.

ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක වියදම පමණක් පියවා ගැනීමට අලෙවි කළ යුත්තේ රු 2,800කට බව ද එම එකමුතුව සඳහන් කරයි.

එනිසා අකමැත්තෙන් වුවද මෙම තත්ත්වය යටතේ 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රු 1,200කින් ඉහළ නැංවිය යුතු බව ද එම එකමුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Related posts

පර්පෙචුවල් ට්‍රෙසරීස් චෙක්පත් තොගයක් විනාශ කරලා… ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත මැති ඇමතිලා බේරෙන ලකුණු…

colombotoday

අගමැතිකම මහින්දට දෙන්න.. මෛත්‍රීගෙන් තීරණයක් !

colombotoday

අදානි ලොක්කා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවෙයි.

colombotoday

රාජපක්‍ෂ සහගහන බදු ගහලා..

colombotoday

සමෘද්ධි බැංකු අස්වැසුම ක්‍රියාවලියට ඇතුළත් කරන්න තීරණයක්

Admin

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍යයේ නඩුවක්…

colombotoday