Colombo Today Local News

කල්පිටිය නාවික කදවුර ආසන්නයේ තවත් මුස්ලිම් කළාපයක්.. ජාතික හා කළාපීය ආරක්ෂාව අනතුරේ !

kalpitiya muslim colany

කල්පිටිය නාවික හමුදා කදවුර හා යුද හමුදා කදවුර ආසන්න ප්‍රදේශයේ රජයේ ඉඩම් අත්පත්කරගනිමින් ඉතා රහසිගතව මුස්ලිම් කලාපයක් ගොනැගීමේ කටයුතු ආරම්භ කර ඇති බව ColomboToday.com වෙත වාර්තා වෙනවා.

මෙම කටයුතු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ මූලිකත්වයෙන් සිදුවන බව වැඩිදුරටත් වාර්තා වන අතර මඩකලපුව සහ පොතුවිල් ප්‍රදේශවල මුස්ලිම් ජනතාව එහි පදිංචි කරවීමට සැලසුම් කර ඇති අතර ඒ සදහා මැදපෙරදිග රාජ්‍ය නොවන සංවිධාන හරහා අරමුදල් සපයා ගැනීමට මේ වනවිටත් කටයුතු ආරම්භ කර ඇති බවද දැනගැන්මට ලැබී තිබෙනවා.

විල්පත්තු මුහුදුබඩ කළාපය එළිකරමින් කටාරයේ ‘ෂෙයික් හමාඩ් බින් පදනම’ නම් වූ රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහයෙන් ගොඩනගමින් පවතින වයඹදිග සුන්නි ඉස්ලාමීය ජනපද කළාපය දකුණු දෙසට ව්‍යාප්ත කරළීමත් ඒ හරහා පුත්තලම දිස්ත්‍රික්කයේ සහ වයඹදිග කළාපයේ දේශපාලන බලය තහවුරු කරගැනීමත් මෙහි මූලික ඉලක්කය වන බවයි තවදුරටත් වාර්තා වන්නේ.

kalpitiya 123ශ්‍රී ලංකාවේ වයඹදිග මුහුදුබඩ කළාපයේ බලය තහවුරු කරගැනීම සදහා වහාබ්වාදී ජාත්‍යන්තර සංවිධානවල සැළසුමක් තිබෙන බවත් පුත්තලම, කල්පියට හා මන්නාරම් මුහුදු තීරයට විශේෂ අවධානයක් යොමුව තිබෙන බවත් පසුගිය සමයේ ගොඩනැගුණු යම් යම් සිද්දීන් ඔස්සේ කතාබහට ලක්විය. එවැනි පසුබිමක ISIS ප්‍රමුඛ ඉස්ලාමීය සුන්නි වහාබ්වාදයට අධ්‍යාත්මික සහ මූල්‍ය දායකත්වය සපයන ප්‍රධානම රට ලෙස සැලකෙන කටාරය ලංකාවේ වයඹදිග වෙරළබඩ කළාපයට අතපෙවීම බරපතල කරුණක් බවද විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

ISIS ත්‍රස්ත සංවිධානයේ මතදරන අන්තවාදී පිරිස් පුත්තලම,කල්පිටිය ප්‍රදේශවලද ක්‍රියාත්මක වන බවට පසුගිය සතියේ රාජ්‍ය බුද්ධි අංශ විසින්ද අනාවරණය කර තිබුණු අතර ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායම්වලට පහසුවෙන් ප්‍රවේශ වියහැකි අතිශය සංවේදී ආරක්ෂක මර්මස්ථානයක් වන වයඹදිග කළාපයේ මෙලෙස ජාතිවාදී ජනපද කළාප බිහිවීම ජාතික ආරක්ෂාවට මෙන්ම කලාපිය ආරක්ෂාවටද බලරපතල තර්ජනයක් වනුඇති බවයි ආරක්ෂක විශ්ලේෂකයන් සදහන් කරන්නේ.

wilpatthu 3
කටාරයේ මූල්‍ය දායකත්වයෙන් විල්පත්තු රක්ෂිතය දැදුරු කරමින් ඉදිවන වයඹදිග වෙරළබඩ සුන්නි ඉස්ලාමීය ජනපද කළාප
රිෂාඩ් බදුර්දීන් සහ කටාරයේ ෂෙයික් හමාඩ් බින් පදනමේ නියෝජිතයන්

Related posts

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

colombotoday

අද සිට යළි විදුලිය කැපෙයි

colombotoday

පොලිස් නිලධාරීන්ගේ ගැටලු විසදන්න විශේෂ යාන්ත්‍රණයක්

colombotoday

ගැහුවොත් පිස්සු හැදෙන ගංජා වල අතුරු ආබාද – මනෝචිකිත්සකයින් ගංජා නීතිගත කිරීමට එරෙහි වෙයි

colombotoday

ප්‍රතිලාභ පොලිය තහවුරු කරන්න ඊ.පී.එෆ් පනත සංශෝධනයට අනුමැතිය

Admin

මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට තොග වෙළඳුන්ගේ දැඩි විරෝධයක්

colombotoday