Colombo Today Local News

පීකොක්‌මැදුරේ වැලි යට මහින්දගේ සල්ලි තියෙනවනම් ඕනි කෙනෙක් ඇවිත් ගන්න – ඒ.එස්‌.පී. ලියනගේ

 

පිහිනුම් තටාකයේ වැලිගොඩ මගේ ජීවිතයට ප්‍රශ්නයක්‌ වෙලා, මේ නිසා මට ලොකු පීඩනයක්‌ ඇතිවෙලා, මේ වැලිගොඩ පරීක්‍ෂා කර මාව නිදහස්‌ කරන්නැයි පොලිස්‌පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි කියමින් ඒ.එස්‌.පී. ලියනගේ මහතා ඊයේ (21) මාධ්‍ය හමුවක්‌ කැඳවමින් ඉල්ලා සිටියා.

නාවල රාජගිරියේ පීකොක්‌ මන්දිරයේදීම ලියනගේ මහතා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මෙසේද කියා සිටියේය.

“ නක්‍ෂත්‍රකරුවන්ගේ උපදෙස්‌ මත පිහිනුම් තටාකයේ වැලි පිරවීමට කටයුතු කළේ මම. ඒ අනුව යම්කිසි විශ්ව ශක්‌තියක්‌ පීකොක්‌ මන්දිරයට ලැබී තියෙනවා. පිහිනුම් තටාකයේ වැලිගොඩ පොලිසිය පැමිණ පරීක්‍ෂා කරන තුරු මම බලා සිටිනවා. එම පරීක්‍ෂණයෙන් පසු නැවත තිබූ පරිදි තටාකය වැලිවලින් වසා දමනවා. මගේ අනාගත සුබසිද්ධිය සඳහා පිහිනුම් තටාකයට ජලය පුරවන්න මම කවදාවත්ම බලාපොරොත්තු වන්නෙ නැහැ.පවතින තත්ත්වයෙන් මා නිදහස්‌ කර මේ පිළිබඳව හැකි ඉක්‌මනින් පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ජනාධිපතිතුමාගෙන් හා පොලිස්‌පතිවරයාගෙන් ද ඉල්ලා සිටිනවා.”

Related posts

ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ගසාගෙන යයි

colombotoday

අයිස් ගැසූ පාසල් සිසුන් 81ක් පුනරුත්ථාපන‍යට

Admin

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙක් මරුට – 13කට තුවාලයි

colombotoday

කොළොන්නාව නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

colombotoday

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස්

Admin

පහරදීමකින් සිංහල තරුණයෙක් මිය යයි.. තෙල්දෙණියේ නොසන්සුන් තත්ත්වයක්

colombotoday