World

ඇමරිකානු ජනපතිවරණ සටනේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්

2016 ඇමෙරිකානු ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රතිඵල සංගණනයකට අනුව ප්‍රකට ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන්ම සිටින බව අනාවරණය වී තිබේ.

ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ඇමෙරිකාවම ආවරණය වන පරිදි සිදුකළ සංගණනයකදී මෙම කරුණ අනාවරණය වී ඇති අතර, එහිදී ට්‍රම්ප් 40.6% ක ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියෙන්ම සිටියි.

පසුගිය සිකුරාදා දිනයේ රොයිටර්-ඉප්සෝස් එක්ව මෙම සංගණනය සිදුකර තිබුණු අතර, එහිදී ඇමෙරිකාව පුරා අහඹු ලෙස තෝරාගත් පුද්ගලයන් 582 දෙනෙකු ඊට යොදාගෙන තිබුණි.

එහිදී, ට්‍රම්ප් සමග මෙවර ජනාධිපතිවරණයට තරග කරන ටෙඩ් ක්‍රෑස් 10.5%ක්, බෙන් කාර්සන් 9.7%ක්, ජෙබ් බුෂ් 9.2% ක් සහ මාර්කෝ රූබියෝ 7.2% ක ප්‍රතිශතයක් ලබා සිටී.

Related posts

කොරෝනා හේතුවෙන් ඇමෙරිකාවේ මරණ 6ක්

colombotoday

පකිස්තානය තරු පහේ හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක්. ත්‍රස්තවාදීන් සතුව රොකට් විදින සහ බර අවි

colombotoday

බලයෙන් ඉවත් කළ අවුන්සාන් සුකී ට එරෙහිව බරපතළ අල්ලස් චෝදනාක්

colombotoday

උතුරු කොරියා තවත් බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

Admin

සිම්බාබ්වේ මහබැංකුවක් රන් කාසි නිකුත් කරයි – උද්ධමනය ඉහළ යාමෙන් ලංකාව දෙවැනි තැනට

colombotoday

පැරිස් නුවර සිට පැමිණි ඊජිප්තු ගුවන් යානයක් අතුරුදන්

colombotoday