Colombo Today Local News

“භික්ෂු කතිකාවත් පනතෙන් ශාසනයට නව ජීවයක් දෙනවා” මල්වතු මහානාහිමි

ථෙරවාදී භික්ෂු නිකායික කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳව දේශපාලන පක්ෂ හා වෙනත් පටු පරමාර්ථයන් හි නොපිහිටා කටයුතු කිරීම වඩා වැදගත් බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහා නාහිමියන් පවසනවා.

ධර්මධර, විනයධර මහ තෙරුන්ගේ සම්මුතියෙන් ඇති කැරගන්නා ලද ශාසනික කතිකාවත්වලට රාජ්‍ය බලය හෙවත් නෛතික බලය ලබාගැනීම වර්තමාන රජය යටතේ පමණක් ඇතිවූවක් නොවන බව ඉතිහාසස පිරික්සීමේ දී පැහැදිලි වන බව ද මහනාහිමියෝ අවධාරණය කැරති.ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචිකිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ ප්‍රකාශ කැරමින් සිටීම සම්බන්ධයෙන් බුද්ධශාසන ඇමැතිවරයාට ලිපියක් යොමුකැරමින් මහනාහිමියෝ මේ බව ප්‍රකාශකැරති.

ලංකා ඉතිහාසය තුළ රජ දරුවන් වරින් වර ධර්මධර, විනයධර මහ තෙරුන්ගේ මූලිකත්වයෙන් සම්මුතියට පැමිණ කතිකාවත් ඇතිකොට භික්ෂු ශාසනය ශෝධනය කළ මැනවින් පෙනීයන බවත් පොළොන්නරු මහ පරාක්‍රමබාහූ කතිකාවත, නිශ්ශංකමල්ල කතිකාවත, දඹදෙනි කතිකාවත, හයවන පරාක්‍රමබාහු කතිකාවත, කීර්ති ශ්‍රී රාජසිංහ කතිකාවත, රාජාධිරාජසිංහ කතිකාවත ඊට උදාහරණ බවත් මහනාහිමියෝ පෙන්වා දෙති.

මෙම කතිකාවත් තුළින් භික්ෂු ශාසනයේ චිරස්ථිතිය, පාරිශුද්ධත්වය අපේක්ෂා කළ රජදරුවෝ කතිකාවත් සම්ප්‍රදායන්ට මෙන්ම ඒවායින් ඇතිකැරගත් සම්මත ව්‍යවස්ථාවන් ක්‍රියාත්මක කැරවීමට අදාළ වන රාජබලය ලබාදෙනු ලැබීය. එකී කතිකාවත් තුළින් ඔවුන් අපේක්ෂා කළේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය හා පාරිශුද්ධත්වයයි.

මෙවැනි පනතක අවශ්‍යතාව පිළිබඳ දීර්ඝ කාලයක පටන් පැනනැ‍ඟී තිබුණු අතර ඒ සම්බන්ධව පසුගිය රජයට කරුණු ඉදිරිපත් කරන ලදි. ඊට අදාළ වන සම්මූතීන් ද ඉදිරිපත් කරනු ලැබූහ. අත්‍යවශ්‍යව පැවැති එම ශාසනික කටයුත්තට පසුගිය රජය විසින් හුදෙක්ම දේශපාලනික අරමුණු නිසා මූලිකත්වය නොදුන් අතරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ද බුද්ධ ශාසනය ආරක්ෂාකොට පෝෂණය කිරීමට බැඳී සිටිය දී එකී කටයුත්තට ඉවහල්වනු පිණිස පිහිටුවා තිබූ බුද්ධශාසන අමාත්‍යාංශය ද එම රජය විසින් අහෝසි කිරීමට ක්‍රියාකරනු ලැබීය. එම අවස්ථාවේ එම අමාත්‍යාංශය යළි පිහිටුවන ලෙස ඉල්ලීමට ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ට සිදුවූ බව ද උන්වහන්සේ සිහිපත් කරති.

මෙලෙස එම රජය බුද්ධශාසනයේ චිරස්ථතිය පිණිස ගතයුතු ක්‍රියාමාර්ග මහහැර යෑම නිසාත් යම් යම් දේශපාලනික අරමුණු අරභයා එකී කටයුතු නොසලකා හැරීමත් නිසා අදවන විට තවදුරටත් විසඳාගත නොහැකි ගැටලු රැසක් ඇතිවෙමින් තිබේ.

මෙකළ පවත්නා ශාසනයේ තත්ත්වයත් ඇතැම් භික්ෂූන්ගේ ශාසනික විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳත් කිසියම් පියවරක් නොගන්නේ මන්දැයි ගිහි පැවිදි දෙපාර්ශ්වයම නඟන ප්‍රශ්නයකි. ඔවුන් චෝදනා මුඛයෙන් නිතර අපවෙත ඒ සම්බන්ධයෙන් විවේචන එල්ලකරනු ලබයි. එහි දී තවදුරටත් නිහඬව සිටීම අප වගකීම නොවන බව පෙනීයාම නිසා මෙකී කතිකාවන්ට නෛතික බලය ලබාදීමට පියවර ගන්නා ලෙස වර්තමාන රජයේ වගකිවයුත්තන් වෙත ද දැනුම් දීමට පියවර ගනු ලැබීය.

බෞද්ධකටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත්කොට ලියාපදිංචිකොට රාජ්‍ය නෛතික බලය ලබාගැනීමේ අපේක්ෂාවෙන් ඉදිරිපත්කරනු ලැබඇති මෙම පනත් කෙටුම්පත් පිළිබඳ දේශපාලනික පක්ෂ හා වෙනත් පටුපරමාර්ථයන්හි නොපිහිටා කටයුතු කිරීම ඉතා වැදගත්ය. මෙමඟින් අප අපේක්ෂාකරන්නේ ඒ ඒ පාර්ශව හෝ නිකායන්හි සම්මුතියෙන් ඇතිකරගනු ලබන ශාසනික කතිකාවත් සඳහා නෛතික බලය ලබාගෙන පාර්ශවීය හෝ නිකායික භික්ෂු සංඝායාගේ ශාසනික පාරිශුද්ධත්වය ඇතිකැර සම්බුද්ධ ශාසනයේ ප්‍රතිෂ්ඨාපනය ඇති කිරීමයි. යැයිද නාහිමියන් අවධාරණය කරති.

Related posts

කරූට එජාප නායකත්වය දෙන්න බැහැ – රනිල්

colombotoday

කුලියාපිටියෙනුත් බෝම්බ පාර්සලයක් හමුවෙයි

colombotoday

පනත් කෙටුම්පත් දෙකකට කතානායකගේ සහතිකය

colombotoday

මස් කඩේට ගෙනගොස්, හරක් බදින ලණුවකින් ගැටගසා නානගේ පුතා බදුල්ලේ තරුණයෙකුට පහර දෙයි

colombotoday

සති අන්තයෙත් විදුලි කප්පාදුවක්

Admin

බුරවී කුණාටුවට බියෙන් වසා දැමූ මඩකලපුවේ සියලු පාසල් යලි විවෘත කෙරෙයි

colombotoday