Covid 19

ළමා නිවාසයක අවුරුදු පහට අඩු දරුවෝ 27කට කොවිඩ්

බණ්ඩාරවෙල ළමා නිවාසයක අවුරුදු පහට අඩු කුඩා දරුවන් 27 දෙනකු ඇතුළු තිස්දෙදෙනකුට කොවිඩ් ආසාදිතව ඇති බව ඊයේ (07)දින තහවුරු වූ බව බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්.ඒ.ආර්. දිසානායක පවසයි.

මෙම ළමා නිවාසයේ දූ දරුවන් රැකබලා ගැනීමට සිටින නිවාස මාතාවන් ඇතුළු කාර්ය මණ්ඩලය සහ දූ දරුවන් පනස් දෙකක් සම්බන්ධයෙන් කළ ඇන්ටිජන් පරීක්ෂාවකින් මෙසේ තිස් දෙදෙනකු ආසාදිතයන් බවට තහවුරු වී තිබේ.

ආසාදිත තිස් දෙදෙනා ළමා නිවාසයේම වෛද්‍ය අධීක්ෂණ හා උපදෙස් යටතේ ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

මෙම ළමා නිවාසයේ පරිවාස භාරයේ සිටින අවුරුදු පහට අඩු දරුවන් සිටින බැවින් විශේෂ අවධානය යොමු කළ යුතු ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවද බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩී.එම්.ඒ.ආර්. දිසානායක වැඩිදුරටත් පවසයි.

Related posts

වවුනියාව පොලිසියේ කොරෝනා ආසාදිතයින් 16ක්

colombotoday

ප්‍රදේශ කිහිපයකට ඇදිරිනීතිය !

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

රවුෆ් හකීම්ට කොරෝනා ආසාදනය වෙයි.

colombotoday

කොරෝනා අරමුදලට අස්ගිරි සංඝ සභාවෙන් රු මිලියන 5ක්

colombotoday

අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම වසයි

colombotoday