Colombo Today Local News

පුත්තලමෙන් විල්පත්තුවට ඇතුල්වීම තාවකාලිකව නවතා දමයි.

රාජාංගනය ජලාශයේ වාන් දොරටු 12 ක් විවෘත කිරීම හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා පුත්තලමේ සිට එළුවන්කුලම හරහා මන්නාරම දක්වා වන මාර්ගයේ විල්පත්තුවට ඇතුල්වීම නවතා දමා තිබේ.

එළුවන්කුලම ප්‍රදේශයේදී කලාඔය ගලා යන සපත්තු පාලම අසල ස්ථාපනය කර තිබූ නාවුක හමුදා මුර පොළ මේ වන විට ඉවත් කිරීමට කටයුතු කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.

රාජාංගනය ජලාශයේ වාන් දොරවල් 02 ක් අඩි 06 බැගින්ද,දොරවල් 6 ක් අඩි 04 බැගින් සහ දොරවල් 4 ක් අඩි 02 බැගින් විවෘත කර ඇත. එම දොරවල් වලින් තත්පරයට ජලය ඝන අඩි 12,250 ක් කලාඔයට මුදා හැරේ.මෙම තත්ත්වය හේතුවෙන් කලාඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.

Related posts

සහන කටයුතුවල නිරත වී සිටි හිමිනමකට දේශපාලකයකුගෙන් මරණ තර්ජණ

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරීන් සංකේත වර්ජනයක

Admin

භූ ජලය සූරා ගන්නා ආයතන 500කට අධික ප්‍රමාණයක් ගැන අනාවරණයක්

colombotoday

අගමැති එලවන විශ්වාසභංගයට අත්සන් කළ මන්ත්‍රීරුන් මෙන්න…

colombotoday

රිමාන්ඩ් නාකොටික් නිලධාරීන්, ජාවාරම්කරුවන් සමග එක්වී මුහුදෙන් හෙරොයින් තොග පිටින් මෙරටට ගෙන්වලා

colombotoday

යෝෂිත රාජපක්‍ෂ අගමැති කාර්ය මණ්ඩල ප‍්‍රධානී

colombotoday