Colombo Today Local News

සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනයට අනුමැතිය

සිතාසි යවන්නත් නවීන ක්‍රම යොදාගන්න යයි

නඩුවක පාර්ශවකරුවන් වෙත සිතාසි යැවීමේදී ඊමේල් සහ ජංගම දුරකතන භාවිතා කළ හැකි පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පත්කර ඇති සිවිල් නීති ප්‍රතිසංස්කරණය පිළිබඳ කමිටුව විසින් සිතාසි නිකුත් කිරීම සහ භාරදීම පිළිබඳව දැනට පවතින විධිවිධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය නිර්දේශ කර ඇති බැවින් මෙම පියවර ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (12)දින පැවසීය.

ඒ අනුව එම කමිටුව කර ඇති නිර්දේශ ඇතුළත් කරමින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ (101 වන අධිකාරය) සංශෝධනය කිරීම සඳහා සංශෝධිත පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම සඳහා අධිකරණ ඇමතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (12)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

Admin

මහින්දට, ගෝඨාභයට හමුදා ප්‍රධානීන්ට ‘‘අතුරුදන්වූවන්ගේ පනත“ හරහා එතෙරදී නඩු… චෝදනාව සමූලඝාතන

colombotoday

සාක්කිකරුවෙක්ට තර්ජනය කල සැරයන් අත්අඩංගුවට

Admin

පොලිස් ලොක්කාගේ බිරිඳට නීතිය ක්‍රියාත්මක කළ පොලිස් පොඩ්ඩාට හදිසි මාරුවක්

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 2,000ක් බැඳුම්කර බාරගන්න කිව්වා

colombotoday

අගමැතිතුමනි.. අපට මෙතරම් විහිළු සපයනවාට ස්තූතියි

colombotoday