Colombo Today Local News

සයිබර් ආරක්ෂණයට නව නීති සැකසේ

ආරක්ෂක සයිබර් විධිවිධාන පනත හා සයිබර් ආරක්ෂණ නීති පැනවීම සඳහා පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන එම කෙටුම්පත් දෙක සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇත.

විද්‍යුත් සන්නිවේදනයේ දියුණුවත් සමග ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අපරාධකරුවන් විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ හා සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා සයිබර් අවකාශය සහ විද්‍යුත් සන්නිවේදනය භාවිත කිරීමට පෙළඹී තිබේ.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා අනෙකුත් නියෝජිත ආයතනයන් මේ වන විට ආයතන මට්ටමින් පිහිටුවා ඇති සයිබර් ආරක්ෂණ ඒකක මඟින් සිදුකරනු ලබන මෙහෙයුම් තවදුරටත් විධිමත් කිරීම සඳහා නව නීති සම්පාදනයට තීරණය කර ඇත.

Related posts

ධනුෂ්කට ක්‍රිකට් ආයතනයෙන් විනය පරීක්‍ෂණයක්

Admin

මින්පසු පාරේ පිස්සු කෙලියොත් බඩු බනිස්. – දඩේ ගෙදරට – පොලීසියට අලුතෙන්ම ආව CCTV කොට්ඨාශය

colombotoday

රාජකාරියේ යෙදී සිටි එස් අයි ගේ යතුරුපැදියට ගිනි තියලා

Admin

වොක්ස්වැගන් ඉවරයි..! “හොන්ඩා, ටොයෝටා කර්මාන්ශාලා ලංකාවට ගේනවා” – සුජීව සේනසිංහ

colombotoday

‘සේනා’ මර්දනයට පරපෝෂිතයෙක්

Admin

“ආර්ථික අපරාධකරුවන්ට දඬුවමක් නොදී රටවැසියන්ට කැපකිරීමක් කරන්නැයි කීම යුක්ති සහගත නැහැ”

Admin