Colombo Today Local News

ඇමති සැප සමග නීතිය හා සාමය රැකීම ෆොන්සේකාට බාර දෙයි

sarath_fonseka--621x414

මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාහට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ලබාදීමට තීරණය කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

ඉඩම් ඇමතිව සිටි එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට ෆොන්සේකා මහතා පත්කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග තහවුරු කරයි.
‍ෆොන්සේකා මහතා මන්ත්‍රී ධුරය භාරගන්නා බව ඔහුගේ පුද්ගලික ලේකම් සේනක ද සිල්වා මහතා තහවුරු කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රීවරයකු ලෙස ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවේදී කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසුව ෆොන්සේකා මහතාට අහිමි වූ විශ්‍රාම වැටුප සහ සෙසු වරප්‍රසාද සියල්ල හිමි වූ අතර, ඔහු ෆීල්ඩ් මාෂල් ධුරයටද උසස් කරනු ලැබීය.

Related posts

ආරක්ෂක ලේකම් සහ පොලිස්පති 296,297 වගන්ති යටතේ අත්අඩංගුවට ගන්න – විජේදාස ජනපතිට ලියයි

colombotoday

කෝටියක ටින් මාළු තොගයක් විනාශ කරයි

Admin

යාපනය, අරසඩිහි අඩියේ සාද දැමූ 5ක් රිමාන්ඩ්.

colombotoday

බුලත් කොලයට පමණක් ඡන්දය දෙන්නැයි ජනපති ඉල්ලයි (Video)

colombotoday

පාලිත තෙවරප්පෙරුම සවලකින් පහර දුන් අයෙක් අත බිදී රෝහලේ

colombotoday

2023 සිට විදේශ ගමන් බලපත්‍රය ලබා දීම මාර්ගගත ක්‍රමයට

Admin