Colombo Today Local News

පෞද්ගලික අංශ සේවක විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

දැනට පවතින අවම වයස් සීමාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත සකස් කිරීමට 2021.03.23 වනදා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී තිබෙන අතර ඒ අනුව සකස් කරන ලද මුලික කෙටුම්පත අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ඇඟලුම් කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයට බලපාන ප්‍රතිපත්තිමය හා නෛතික කරුණු පිළිබඳව අධ්‍යනය කිරීමේ කමිටුවේ දී තවදුරටත් සාකච්ඡා කර තිබේ.

එම කමිටුවේ තීරණය පරිදි වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත් පනත ක්‍රියාත්මක වන දිනයේ දී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකි පරිදි විධිවිධාන ඇතුළත් නීති කෙටුම්පත එලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

1980 පටන් මුස්ලිම් දරුවන්ගේ පොත්වලින් 99%ක් අන්තවාදීයි | විවිධ රටවල අන්තවාදීන් පළකළ පොතපත පරිශීලනයට නිර්දේශ කර ඇතැයිද අනාවරණයක්

colombotoday

සිරස මාධ්‍යවේදීන්ට පහර දීම : පොලිස් විශේෂ කාර්ය බලකායේ SSP රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම්

colombotoday

ජනපතිගෙන් නව වෙළඳපොළ සංකල්පයක්

colombotoday

අනුරාධපුරයේ වෙළදසැල් වසති

colombotoday

අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩ

colombotoday

කායවර්ධන උපදේශකට වෙඩි තැබූ කොළොන්නාවේ චතු අල්ලයි

Admin